Divaina - රට ගැන හැගීමෙන් මේ මොහොතේ කොරෝනා මැ`ඞීමට සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි- අගමැති

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 2රට ගැන හැගීමෙන් යුතුව මේ මොහොතේ මුළු මහත් ජනතාව කොරෝනා රෝගය මැඩ පවත්වා  ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම ඉතාම වැදගත් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (28දා) ‘‘දිවයින’’ට පැවසීය.

කොරෝනා මර්දන වැඩපිළිවෙළට ජනතාවගේ සහයෝගය නොමැතිව කිසිවක් සිදු කළ නොහැකි යැයි කී අගමැතිවරයා මේ මොහොතේ පක්‍ෂ ජාති භේද නොසලකා කොරෝනා රෝගය මැඩලීමට දායක වීම යුතුකමක් යැයිද කීවේය.

කොරෝනා මර්දන වැඩපිළිවෙළ අනුව මේ මොහොතේ රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිනු ලැබුවොත් මෙම වසංගතයෙන් බොහෝ දුරට බේරී සිටීමට හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

කොරෝනා වසංගත රෝගය මැ`ඩලීම සඳහා දිවා ? සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් පොලිසිය ඇතුළු හමුදාව සහ රජයේ නිලධාරීන් ලොකු කැපවීමකින් ක‍්‍රියා කරනවා. ජනතාවට දැන් තිබෙන්නේ එම නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව ක‍්‍රියා කිරීමයි. සමහර පුද්ගලයන්ට නිරෝධායන වැඩ පිළිවෙළ කරදරකාරී ප‍්‍රශ්නයක් බවට ආරංචි ලැබෙනවා. මේක රටේ ජාතික ප‍්‍රශ්නයක්. අපි කොයි කවුරුත් නිරෝධායන වැඩපිළිවෙළ අගය කරන්න ඕනෑ. සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි.

නෝමන් පළිහවඩන
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles