Divaina - ඇඳිරි නීතිය දැම්මත් උ. පෙළ විභාගය නියමිත ලෙස පවත්වනවා -අධ්‍යාපන ලේකම්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Exam453බස්නාහිර පළාත ඇතුළු අනිකුත් ප‍්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවත් අනිද්දා (31දා) සුපුරුදු පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය.

අනිද්දා පෙරවරුවේ ගිණුම්කරණය, අරාබි, චීන විෂයන් සඳහා සිසුන් 76,000ක් පමණ පෙනී සිටීමට නියමිත බවද ඔහු කීවේය.

මෙම සෑම සිසුවකුම පාහේ තම දෙමාපියන් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයේ ප‍්‍රවාහන පහසුකම් මාර්ගයෙන් විභාගයට පැමිණෙන බව නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව ඔවුන් සුදු ඇඳුමෙන් පැමිණීම සහ විභාග අයදුම්පත‍්‍රය රැුගෙන පැමිණීම ඇඳිරිනීති බලපත‍්‍රය ලෙස සලකන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

විභාගයට පැමිණෙන ගුරුවරුන් සඳහා ප‍්‍රවාහන දීමනාවක් අනුමත කරගත් බවත්, ඒ අනුව ගුරුභවතුන්ට ප‍්‍රවාහන දීමනාව ගෙවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීවේය.

හවස්වරුවේ ශ‍්‍රී ලංකා ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රය පැවැත්වෙන බවත් එයට දරුවන් අඩු ප‍්‍රමාණයක් පෙනී සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ගිණුම්කරණ විෂය සඳහා සාමාන්‍ය වර්ගයේ ගණක යන්ත‍්‍රයක් (කැල්කියුලේටර්යක්) භාවිත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

ඇතැම් ශාලාධිපතිවරුන් ගණක යන්ත‍්‍ර භාවිත කිරීමට ඉඩ නොදෙන බවට පැමිණිලි ලැබුණු බවත් එවැනි ගැටලූවක් ඇති වුවහොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරන ලෙස එම ශාලාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

විභාග කාලයට අනුව දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles