Divaina - චීනය නිසා ශ‍්‍රී ලංකාව ණය උගුලක සිරවුණේ නෑ - ජනපති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 1- ඉහළ සංවර්ධනයක් ශ‍්‍රී ලංකාවට අත්කරදීමට සුදානම් - ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපතිට කියයි

- එම්සීසී ගිවිසුම ගැන තීරණය ශ‍්‍රී ලංකාව සතු දෙයක් - ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාධ්‍යට කියයි

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ නිසා ශී‍්‍ර ලංකාව ණය උගුලක සිරවූයේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (28 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හමුවූ අවස්ථාවේදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් කි‍්‍රයා කිරීමට ඇමරිකාව සූදානම් බවය.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම තම රටේ අරමුණ බවද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා පෙරේදා (27 දා) රාති‍්‍රයේ ශී‍්‍ර ලංකාවට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප‍්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රාජපක්‍ෂ මහතා හමුවූහ. දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡුාවේදී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්‍ෂේත‍්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කරගන්නා ලදී.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම්වරයා රට තුළ අමෙරිකානු ආයෝජන ප‍්‍රවර්ධනයට ඉහළ ප‍්‍රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැුකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල් වන ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා කීවේය.

ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප‍්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශී‍්‍ර ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විiාත්මක පර්යේෂණ කළ යුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ශී‍්‍ර ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බව ජනාධිපතිවරයා කීවේය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගිතාව ඒ අතර ප‍්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපතිවරයා කියා සිටියේය. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්‍ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට අමරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්‍ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත‍්‍රශීලී සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශී‍්‍ර ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපතිවරයා කීය.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කි‍්‍රයාකිරීමට ද දෙපාර්ශ්වය එකඟ විය.

ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහාය රාජ්‍ය ලේකම් බ‍්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඞීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහු එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ධුරයට නම් කරනු ලැබ සිටින රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles