Divaina - පාස්කු දා ඝාතකයන් ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර කොළඹ තැනින් තැන සැරිසරා අවශ්‍ය බඩු මිලදී ගෙන තිබෙනවා.... ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නාලනී කුමාරි දිසානායක

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එරික් ගාමිණි ජිනපි‍්‍රය
 
 vilaපාස්කු ස්වයං ඝාතකයන් ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර කොළඹ ප‍්‍රදේශයේ තැනින් තැන සැරිසරමින් ප‍්‍රහාරයට අවශ්‍ය බඩු මිල දී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කළ වාණිජ්‍ය විමර්ශන නිලධාරිනිය වන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නාලනී කුමාරි දිසානායක මහත්මිය පෙරේදා (27 දා* පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිය මගින් හෙළිවිය.
 
 පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ස්වයන් ඝාතකයන් ආරක්ෂිත නිවසක් ලෙස යොදා ගෙන ඇති අංක 61 -2, නස්මියා විලා, පරත්ත පාර, පානදුර යන ලිපිනයේ පිහිටි නිවාස පිළිබඳව බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමය පරිදි ඇය ඇතුඵ කණ්ඩායම විසින් පරීක්‍ෂණ සිදුකර ඇති අතර එම ස්ථානයේ ඡුායාරූප කොමිසම විසින් දිසානායක මහත්මියට පෙන්වන ලද අතර ඇය විසින් ඡුායාරූපවල සඳහන් වන්නේ එම ස්ථානය බව හඳුනා ගන්නා ලදී.
 
 පාස්කු ප‍්‍රහාරය සිදුවූ 2019 අපේ‍්‍රල් 21 වැනි දින පස්වරු 4.45 ත් 5.00 ත් අතර කාලය තුළ ඇය ඇතුළු විමර්ශන කණ්ඩායම එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වන විටත් එම නිවසට විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව යොදා තිබී ඇත. එදින ස්වයන් ඝාතකයන් රැුඳීසිටි නිවස අසල පිහිටි නිවෙස්වල රැුඳී සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම කණ්ඩායම ප‍්‍රහාරකයන් රැුඳීසිටි ආරක්ෂිත නිවස පිළිබඳ විමර්ශන කටයුතු ඊට පසු දින එනම් 22 වැනි දින ආරම්භ කළ බව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය කොමිසම හමුවේ ප‍්‍රකාශ කළාය.
 
 කොළඹ කිංස්බරි හෝටලයේදී බෝම්බය පුපුරවා ගත් මොහොමඞ් මුබාරක් එම හෝටලයට අංක ඩබ්ලිව් පී සී බී ඞී 8510 දරණ මෝටර් රථයෙන් පැමිණ ඇති අතර එම මෝටර් රථය ලියාපදිංචි කළ පානදුර ඊබ‍්‍රහම් මාවතේ පදිංචිකාරියක වූ ෆාතිමා නස්මියා සොයා ගොස් ඇයගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ ද නාලනී කුමාරි දිසනායක මහත්මිය ඇතුළු කණ්ඩායම විසිනි.
 
 අපේ‍්‍රල් 22 වැනි දින රස පරීක්ෂකවරයාගේ උපදෙස් මත සාක්ෂි විනාශ නොවන ලෙස විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඇය ඇතුළු කණ්ඩායම විසින් එම නිවසේ තිබූ කීල්ස් ආයතනයෙන් බඩු මිල දී ගත් බිල්පතක්, රෙදි මිලදී ගත් බිල් පතක්, මීගමුවේ රථ ගාලක බිල්පතක්, රසායනික ද්‍රව්‍ය අඩංගු බව සඳහන් බූලියක් ඩෙකැන්ලන් ආයතනයෙන් බඩු මිලදී ගත් බිල්පතක් බයිසිකල් බෝල පෙට්ටියක්, රෙසර් සහ සෙරෙප්පු ඇතුළු භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බව පැවසූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරිය තවදුරටත් සඳහන් කර සිටියේ එම භාණ්ඩවල තිබී ඇඟිලි සලකුනු 20 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බවයි.
 
 ඒ අනුව සිදුකරන ලද පරීක්‍ෂණවලින් කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බය පුපුරවා ගත් මොහොමදු හස්තුන් සහ කිංස්බරි හෝටලයේ දී බෝම්බය පුපුරවා ගත් මොහොමඞ් මුබාරක් 2019 අපේ‍්‍රල් 10 වැනි දින පස්වරු 8.16 ට පමණ පානදුර පරණ ගාලූ පාරේ පිහිටි කීල්ස් ආයතනයට ගොස් ඇති බව එහි තිබූ සීසීටීවී දර්ශනවලින් හඳුනාගත් බවත් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරිය කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසුවාය. එසේම බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි කී‍්‍රඩා භාණ්ඩ අලෙවි කරන අන්තර්ජාතික මට්ටමේ ව්‍යාපාරයක් වන ඩෙකැන්ලන් ආයතනයෙන් බැක් පැක් 9 ක් කලිසම් සහ කමිස, හිස්වැසුම් මිල දී ගෙන ඇති බවත් ඒ සඳහා රුපියල් 76650 ක් වැය වී ඇති බවත් එම මිලදී ගැනීම් අපේ‍්‍රල් 11 වැනි දින සිදුකර ඇති බවත් කොමිසම හමුවේ හෙළිවිය.
 
 එම පරීක්ෂණ කණ්ඩායම විසින් එම ආරක්‍ෂිත නිවසේ තිබී තෙත සහිත ඉරුණු බිල්පතක් සොයා ගෙන ඇත. එම බිල්පත ඔස්සේ පරීක්‍ෂණ සිදුකර ඇති එම පොලිස් කණ්ඩායමට කොළඹ -14 ප‍්‍රදේශයේ පිහිටි අල් හරමෙයින් නමැති මුස්ලිම් ජාතිකයන්ගේ බඩු බාහිරාදිය විකුණන අලෙවි සලක් වන එම ආයතනයෙන් මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයන් විසින් භාවිතා කරන ෂොල් 8 ක් එම ආයතනයෙන් මිල දී ගෙන ඇති බවයි. එම පොලිස් පරීක්‍ෂකවරිය එහි සාම්පලයක් කොමිසම හමුවට ඉදිරිපත් කළ අතර එම රූමල් අමිජාඞ් නමැති ෂොල්වලින් ප‍්‍රහාරයට පෙර දිවුරුම් දුන් සහරාන් ඇතුළු පිරිස සැරසී සිට ඇති අතර ඒ බව හඳුනාගැනීම සඳහා එම දිවුරුම්දීම ඇතුළත් වීඩියෝ දර්ශනයක් කොමිසම හමුවේ ප‍්‍රදර්ශනය කරන ලදී. 2019 අපේ‍්‍රල් 21 වැනි දින ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී ස්වයන් ඝාතකයන් රූමඞ් අම්ජාඞ් නමැති එම ෂොල්වලින් මුහුණ සහ හිස ආවරණය කර ගෙන සිට ඇත. එම ෂොල් අපේ‍්‍රල් 18 වැනි දින මිල දී ගෙන ඇති බවත් කොමිසම හමුවේදී හෙළිවිය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles