Divaina - රට වටේටම ගියේ බ්‍රැන්ඩික්‌ස්‌ පොකුරද... අපරාධ විමර්ශනයක්‌ කරන්න....

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ඒ.ජේ.ඒ. අබේනායක
 
 dappuwa222කොවිඞ්-19 වසංගත තත්ත්වය රට පුරා පැතිර යෑමට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ සම්බන්ධතාව කුමනාකාරයෙන් බලපා ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (27 දා* වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දුන්නේය.
 
 මනා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යොදවා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 264, 327, 328 හා 329 වගන්ති යටතේ එම විමර්ශනය සිදුකරන ලෙසත් එම විමර්ශනයේ මූලික ප‍්‍රගතිය ලබන 13 දා හෝ ඊට පෙර තමා වෙත වාර්තා කරන ලෙසත් නීතිපතිවරයා එමඟින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
 
 එම වසංගත තත්ත්වය මෙතරම් ඉක්මනින් ව්‍යාප්ත වීමට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පාලනාධිකාරියේ කාර්ය මණ්ඩලයේ හෝ යම්කිසි රාජ්‍ය නිලධාරියකුගේ හෝ නිලධාරීන් පිරිසකගේ නොසැලකිල්ල සහ අපරීක්‍ෂාකාරීත්වය බලපා ඇතිදැයි සොයා බලා වාර්තා කරන ලෙසටත් නීතිපතිවරයා එමඟින් උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාන්ත ජයරත්න මෙනෙවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.
 
 එමෙන්ම එමඟින් වගකිවයුතු පුද්ගලයකු හෝ කණ්ඩායමක් නිරෝධායන පනත හා රෝග වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි ද විමර්ශන සිදුකරන ලෙසටත් නීතිපතිවරයා එමඟින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
 
 ඊයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කැඳවා සිදුකළ සාකච්ඡුාවේදී බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ කොරෝනා වසංගත තත්ත්වය මේ වන විට 6600 ක පිරිසක් දක්වා ව්‍යාප්තවීම මඟින් රටේ ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනය සහ අවදානම කෙරෙහි අවධානය යොමු කළ නීතිපතිවරයා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 363 දෙවන උප වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව එම උපදෙස් ලබාදී ඇත.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles