Divaina - ඊයේ කොරෝනා මරණ 3ක්... මරණ ගණන 19ට නගී... රෝහල් ඇ`දන්වලින් සියයට 90 ක් පිරිලා... මාළු ව්‍යාපාරිකයකුගේ ආශි‍්‍රතයන් 12 කට කොරෝනා: පානදුර පොදු වෙළෙඳ පොළ වසයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


සමන් ගමගේ, ටෝනි කරුණානායක
 
dedsකොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් තිදෙනකු ඊයේ දිනයේ මරණයට පත්වීමත් සම`ග ප‍්‍රථම වතාවට එකම දිනයකදී කොරෝනා ආසාදිත මරණ තුනක් වාර්තා වෙමින් මෙරට තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගියේය.
 
 මෙසේ මරණයට පත්වූයේ කෙසෙල්වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයකු, කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචිවී සිටි 70 හැවිරිදි කාන්තාවක සහ ජාඇල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
 ජාඇල ප‍්‍රදේශයේ පුද්ගලයා අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයකට පෙර රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයකු බව හ`දුනාගෙන කොළඹ අයිඞීඑච් රෝහලට මාරුකර යවා ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27 වැනිදා* පෙරවරුවේ මරණයට පත්ව තිබිණි.
 
 අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණු අතර ඒ අතරින් දහනව හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිතව සිටි අයකු බවද වාර්තා වේ. මොවුන් තිදෙනාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රීතීන්ට අනුව සිදු කිරීමට නියමිතය.
 
 අලූතින් කොරෝනා ආසාදියන් 293 දෙනකු ඊයේ සවස 6.00 වන විට හ`දුනා ගැනීමත් සම`ග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදියන්ගේ ගණන 8706 දක්වා ඉහළ ගියේය.
 
 නව ආසාදිතයන් 293 දෙනාද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයෙන් මතුවූ පොකුර ආශි‍්‍රතව හ`දුනාගෙන තිබිණි.
 
 මෙසේ හඳුනා ගත් රෝගීන් අතරින් 4043 දෙනකු රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමෙන් පසු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 4353 දෙනෙක් වැඩිදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටිති.
 
 මේ වන විට රට තුළ පැතිර යමින් තිබෙන
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරෙන් ප‍්‍රදේශ රැුසකට ඊයේ දිනයේද දැඩි බලපෑම් එල්ලවී තිබුණු අතර පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයන්ගේ පීසීආර් පරීක්‍ෂණ කිරීමට ගිය සෞඛ්‍ය සේවකයන් නව දෙනකුටද වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
 
 කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය අංශයේ නිලධාරීන් නව දෙනකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවට හ`දුනාගෙන ඇත.
 
 පෑලියගොඩ කොරෝනා පොකුර හේතුවෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයේ වාර්තා වන ආසාදිත රෝගීන් ගණන දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් එම ආසාදිතයන්ට ප‍්‍රතිකාර ලබාදීම ස`දහා අත්තනගල්ල සහ යක්කල යන ප‍්‍රදේශවල රෝහල් දෙකක් ආරම්භ කරන බව ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ඊයේ ස`දහන් කළේය.
 
 අත්තනගල්ල සහ යක්කල පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථාන තුළ මෙම රෝහල් දෙක ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට යුද හමුදාව මගින් කරගෙන යන බවද ඒ මහතා පැවසීය. එම රෝහල් දෙකට අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම් ගම්පහ සහ වතුපිටිවල රෝහල් මගින් ලබා දීමට සැලසුම් කර ඇත. කොරෝනා ආසාදිතයන් වැඩිවශයෙන් වාර්තා වීමත් සම`ග මේ වන විට ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට වෙන් කළ රෝහල් ඇ`දන්වලින් සියයට අනූවක් පිරී ගොස් ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ සඳහන් කළේය.
 
 මෙම තත්ත්වය තුළ සංකූලතා පෙන්වනු ලබන
 
 රෝගීන් හැර අනෙකුත් ආසාදිතයන් රෝහල් නොවන ස්ථානවල නවතා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ තබා
 
 ගැනීමට රජය තීරණය කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
 
 දැනට හමුවන ආසාදිතයන් අතරින් සියයට හැත්තෑපහත් අසූවත් අතර පිරිසක් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව කී ඇමැතිවරයා අදාළ වැඩපිළිවෙළ පිළිබ`ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කර ඒ ස`දහා ඔවුන්ගේ නිර්ණායක ලබාගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය. ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ස`දහන් කළේය.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරේ ආසාදිතයකු ලෙස හ`දුනාගත් පානදුර පොදු වෙළෙ`ද පොළේ මාළු ව්‍යාපාරිකයකුගේ ආශි‍්‍රතයන් 12 දෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීම නිසා පානදුර පොදු වෙළෙ`ද පොළ
 
 වසා දැමීමට අදාළ බලධාරීන් ඊයේ කටයුතු කර තිබිණි.
 
 ඒ සම`ග පානදුර නගරයේ මාවත් හයක තිබූ සියලූ වෙළෙ`ද සැල් වසා දැමීමටද කටයුතු කර ඇත. පැතිර යමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඊයේ වන විට මෙරට තුළ පුද්ගලයන් 35000 ක් නිරෝධායනයට යොමුකර සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස`දහන් කළේය.
 
 එසේම පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව පොලිසියේ නිලධාරීන් 17 දෙනකුටද මේ වන විට වෛරසය ආසාදනය වී ඇතැයි ඒ මහතා ස`දහන් කළේය.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ ආශි‍්‍රතයන් ලෙස ඊයේ වන විට හපුතලේ ප‍්‍රදේශයෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පස් දෙනකු වාර්තා විය. ඔවුන් ප‍්‍රතිකාර ස`දහා යොමුකර ආශි‍්‍රතයන් නිරෝධයනයට ලක් කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
 
 මේ අතර නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ගම්පහ, කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කවල අත්‍යාවශ්‍ය ආහාර පාන අලෙවි සල් සහ ඖෂධ අලෙවි සල් සතියට දින දෙකක් විවෘත කිරීමට අනුමැතිය දී ඇත.
 
 ඒ අනුව ගම්පහ සහ කළුතර සඳුදා සහ බ‍්‍රහස්පතින්දා ද කොළඹ සහ කුරුණෑගලට අඟහරුවාදා සහ සිකුරාදා ද යන දිනවල පෙරවරු 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබිය හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles