Divaina - යහපාලන සමයේ දේශපාලන හිතවතුන් රාජ්‍ය බැංකුවලින් ණය අරන් යළි ගෙවීම පැහැර හැරලා... අගමැති කමිටුව වාර්තා කරයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
money135යහපාලන සමයේ ඇතැම් දේශපාලන හිතවතුන් ප‍්‍රධාන රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන සැලසුම් සහගත ලෙස ඒවා යළි ගෙවීම පැහැර හැර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි යහපාලන සමයේ රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව වාර්තා කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
 
 මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කරන මුදල් අමාත්‍යංශය මෙසේ ද පවසයි.
 
 එම ඇතැම් පුද්ගලයන් රජයට අයත් සියලූම බැංකුවලට ගොස් ණය අයදුම් කර ඇති අතර ඒවා ඉතා කඩිනමින් නියමිත ක‍්‍රමවේදයෙන් තොරව අනුමත කරවාගෙන ගැනීම, නිසි පරිදි දේපොළ ඇපයට නොතබා ණය ගැනීම ආදී පැමිණිලි රැුසක් ද ඒ අතර වෙයි. මීට අමතරව රාජ්‍ය බැංකුවලට අයත් ඇතැම් දේපොළ අත්තනෝමතික ලෙස විකුණා දැමීම පිළිබඳ පැමිණිලි ද ලැබී ඇති බව ද එම කමිටුව කියා සිටියි.
 
 අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය තුළ අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව විසින් පැමිණිලි 200කට අධික ප‍්‍රමාණයක් කමිටුව වෙත භාර දී තිබේ.
 
 අදාළ පැමිණිලි පිළිබඳ මූලික විමර්ශන දැන් ආරම්භ වී ඇති අතර විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදු කෙරේ.
 
 ප‍්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක‍්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක‍්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුව පත්කර ඇත.
 
 ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මූල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරී ඇත.
 
 ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක‍්‍රමිකතා සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුව මෙම කමිටුව පත් කෙරිණි.
 
 මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාය. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ‍්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. පේ‍්‍රමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරයි.
 
 මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
 
 කමිටුවේ සාක්ෂි ලබා ගැනීම ඇතුළු ඉදිරි විමර්ශන කටයුතු බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ අංක 2/132 කාමරයේ සිට සිදු කෙරේ.
 
 මේ සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම තව දුරටත් සිදු කෙරෙන අතර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට, අංක 2/132, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය, කොළඹ 07 යන ලිපිනයට හෝ අසව්හ්ර්එයබැ.චය්ි?චැා.එරු්ිමරහ.ටදඩ.කන යන විද්‍යුත් තැපැල් ලිපිනයට පැමිණිලි යොමු කළ හැකිය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles