Divaina - රිෂාඞ්ට සැඟවී සිටීමට ආධාර කළ 6 කට ඇප

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඒ. ජේ. ඒ. අබේනායක
 
 risad444රජයට අයත් රුපියල් ලක්‍ෂ අනූපහකට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා සහ දීර්ඝකාලීන අවතැන්වූවන් පුනරුත්ථාපන ව්‍යාපෘතියේ ගණකාධිකාරි අලගරත්නම් මනෝරංජන් සහ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සම්සුදීන් මොහොමඞ් යාසින් යන සැකකරුවන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (27 දා* නියෝග කළේය.
 
 පළමු සැකකරු සහ තෙවැනි සැකකරු වෙනුවෙන් කර තිබූ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.
 
 රිෂාඞ් බදුර්දීන් මහතාට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් හයදෙනකු රුපියල් ලක්‍ෂ තුන බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ද එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නඩුවේ දෙවැනි සැකකාර සම්සුදීන් මොහොමඞ් යාසින් නමැති ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා අද (28 දා) කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.
 
 එම සැකකරු හෘද රෝග සැත්කමකට ලක්කොට රෝහල්ගත කර ඇති බව පෙන්වා දෙමින් ඔහු වෙනුුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් කළ ඇප ඉල්ලීම පිළිබඳව සලකා බලන බව ද මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
 
 රිෂාඞ් බදුර්දීන් මහතාට සහ තුන්වැනි සැකකාර ගණකාධිකාරිවරයාට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බවත්, ඔවුන් අධිකරණය මඟහැර යෑමේ ප‍්‍රවණතාවක් පවතින බවටත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය.

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles