Divaina - ඇමරිකානු නි. සහකාර රාජ්‍ය ලේකම්ගේ ප‍්‍රකාශය රාජ්‍ය තාන්ත‍්‍රික මූල ලේඛයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්... චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

chinaemba135චීන ශ‍්‍රී ලංකා සබඳතාව පිළිබඳව ඇමෙරිකානු එක්සත් ජනපද ප‍්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඞීන් තොම්සන් මහතා විසින් මාධ්‍ය හමුවකදී කර ඇති ප‍්‍රකාශය රාජ්‍යතාන්ත‍්‍රික මූල ලේඛයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යැයි ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියි.
 
 එම නිවේදනය මෙසේය.
 
 ඔක්තෝබර් 22 වැනිදා එක්සත් ජනපද ප‍්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඞීන් තොම්සන්, රාජ්‍ය ලේකම් පොම්පි ඕ ඉදිරි සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවකදී චීන-ශ‍්‍රී ලංකා සබඳතාවලට විවෘතව පොළඹවා මැදිහත් වූ අතර විදේශ සබඳතා සම්බන්ධයෙන් ‘‘දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස’’ ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. එය රාජ්‍යතාන්ත‍්‍රික මූල ලේඛයන් (ප්‍රොටෝකෝල) අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
 
 ඊට ප‍්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක දැඩි ලෙස ප‍්‍රතිචාර දක්වා ඇති අතර එක්සත් ජනපද නිලධාරියාගේ ප‍්‍රකාශ සීතල යුද්ධ මානසිකත්වයෙන් පිරී ඇති බවත් ආධිපත්‍යවාදී මානසිකත්වය අසාර්ථක වනු ඇති බවත් එම`ගින් වෙනත් රටවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමේ එක්සත් ජනපද පුරුද්ද මුළුමනින්ම හෙළි වන බවත් අවධාරණය කර තිබේ. දේශීය හා විදේශීය ප‍්‍රතිපත්ති සහ කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රටවලට පැති තෝරා ගැනීමට බල කිරීම ගැන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් කරන ලද විමසීම්වලදී තානාපති කාර්යාලය තවදුරටත් මෙසේ සඳහන් කරයි.
 
 1. චීනයේ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවට වසර දෙදහසකට ආසන්න කාලයක් මිත‍්‍රශීලී හුවමාරු ඉතිහාසයක් ඇත. එකිනෙකා සමග සබඳතා හැසිරවීමට අපට ප‍්‍රමාණවත් ප‍්‍රඥාවක් ඇති අතර ඒ සඳහා නියෝග කිරීමට තෙවන පාර්ශ්වයක් අවශ්‍ය නොවේ. 1950 ගණන්වල දෙරට එකිනෙකා සම`ග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර අපි එක්සත් ජනපද අවහිර කිරීම් සහ සම්බාධක බිඳ දමා රබර් සහල් ගිවිසුමට අත්සන් තැබුවෙමු. අප ජීවත් වන වත්මන් 21 වන සියවසේදී දෙරටට කිසිදු බාහිර බලවේගයක බලහත්කාරයට ගොදුරු විය නොහැකිය. ශ‍්‍රී ලාංකික ජනතාවගේ අවංක මිතුරෙකු ලෙස චීනය, ශ‍්‍රී ලංකා දිවයින අනෙකුත් රටවල් සම`ග සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කර ගැනීම ගැන සතුටු වේ.
 
 කෙසේ වෙතත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය චීන- ශ‍්‍රී ලංකා සබඳතාවලට මැදිහත්වීමට සහ ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට බලහත්කාරයෙන් හිරිහැර කිරීමට අවස්ථාව ලබා ගැනීමට භාවිත කිරීම ගැන අපි තරයේ විරුද්ධ වෙමු. එක්සත් ජනපදය ජාත්‍යන්තර ප‍්‍රජාවේ සාධාරණ ඇමතුම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එසේම චීනය - ශ‍්‍රී ලංකා සබඳතාවල ඇති ජනප‍්‍රියත්වය පිළිගැනීමෙන්, ශ‍්‍රී ලංකා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට සහායදීමෙන් සහ ‘‘දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගනිමින්’’ වෙනත් රටවල දේශීය හා විදේශීය කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමේ කැත පිළිවෙත් නිවැරදිව කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.
 
 II. ඒ අතරම, සැබෑ මිතුරන් අනෙක් පැත්තේ සපත්තු තුළට දැමිය යුතු යැයි අපි එක්සත් ජනපදයට අවංකවම උපදෙස් දෙමු. කොවිඞ්-19 පැතිරී යෑමෙන් පසු මේ වන විට ශ‍්‍රී ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර දේශීය සෞඛ්‍ය පද්ධතියට තවදුරටත් ආනයනය කරනු ලබන අවදානම් දරාගත නොහැකිය. මේ වන විට එක්සත් ජනපදයේ මිලියන 8.8 ක් පමණ කොවිඞ් ආසාදිතයන් හමුවී ඇති අතර සහ සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ තිස්දහස ඉක්මවා ගොස් ඇති වටපිටාවක විශාල නියෝජිත කණ්ඩායමක් සහ අත්තිකාරම් කණ්ඩායම් ශ‍්‍රී ලංකාවට යවා ඇති අතර සංචාරය සඳහා සහ හදිසි මාර්ග ඉදිකිරීම් සඳහා විවිධ ඉල්ලීම් කර තිබේ.
 
 III. මෑතකදී, ඉහළ පෙළේ චීන දූත පිරිසක් ද ශ‍්‍රී ලංකාවට පැමිණ, ශ‍්‍රී ලංකාව වසංගතයට එරෙහිව කරන සටන සහ ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සපථ කළහ. තවද වසංගතය දැනටමත් චීනය තුළ ඵලදායි ලෙස පාලනය කර ඇතත්, අවදානම් අවම කිරීම සහ සත්කාරක රටට ගරු කිරීම සඳහා සහ කිසිම කරදරයක් නොවන පරිදි, චීන දූත පිරිස තම ක‍්‍රියාකාරකම් සහ පිරිස් හැකිතාක් අවම කර, ශ‍්‍රී ලංකාවේ වසංගත වැළැක්වීමේ මාර්ගෝපදේශ උපදෙස් දැඩි ලෙස පිළිපැදීමට කටයුතු කළහ. රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සහ කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රටවල් සම`ග එය හැසිරවිය යුතු ආකාරය ගැන යම් සටහනක් ලබා දීමට අපේක්‍ෂා කරමින් අපි මෙම භාවිතයන් එක්සත් ජනපදය සම`ග බෙදාගැනීමට කැමැත්තෙමු.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles