Divaina - සීඑස්එන් නාළිකාවට සම්බන්ධ පරීක්‍ෂණ.. යෝෂිත රාජපක්‍ෂ යම් අපරාධයකට ඈඳවන්න කරන උත්සාහයක් යැයි වැටහුණා.. සී.එස්.එන්. හිටපු විධායක නිලධාරි නිශාන්ත රණතුංග

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 csn135සී. එස්. එන්. නාළිකාව සම්බන්ධ පරීක්‍ෂණ සියල්ල යෝෂිත රාජපක්‍ෂ මහතා යම් අපරාධමය කරුණකට ඈඳවන්න කරන උත්සාහයක් බව තමාට වැටහුණු බව සීඑස්එන් නාළිකාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග මහතා ඊයේ (27 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
 
 එසේම එම පරීක්‍ෂණ කරගෙන යන්නේ එවකට රාජපක්‍ෂ පවුලට එල්ල කර තිබූ දේශපාලන පසුබිමක් සහිත යාන්ත‍්‍රණයේ කොටසක් ලෙස බව ද ඊයේ  (27 දා* කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රණතුංග මහතා කීවේය.
 
 තමාට දේශපාලන පළිගැනීමක් වූ බවට යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් මෙම කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව නිශාන්ත රණතුංග මහතා ඊයේ කොමිසම හමුවට සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවා තිබිණි.
 
 තමාට පසුගිය යහපාලන රජය සමයේදී සී.එස්.එන්. නාළිකාව සම්බන්ධ විමර්ශනයකට සහභාගි වීමට සිදු වූ බවද, තමාගෙන් හයසැරයක් ප‍්‍රකාශ ලබා ගෙන 2016 ජනවාරි 30 දින තමාට රක්‍ෂිත බන්ධනාගාරගතවීමට සිදු වූ බව ද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.
 
 තමා දින 48 ක් රක්‍ෂිත බන්ධනාගාරගතවී සිටි බව ද නිශාන්ත රණතුංග මහතා කොමිසමට කීවේය.
 
 තමාගෙන් විශේෂයෙන් ම සී.එස්.එන්. නාළිකාවේ අයිතිය ගැන විමර්ශන නිලධාරීන් ප‍්‍රශ්න කර සිටි බව ද එය රාජපක්‍ෂ පවුලට අයිති දෙයක් ලෙස තමාගෙන් ප‍්‍රකාශයක් ගැනීමේ උත්සාහයක් ඇති බව හැඟී ගිය බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේදී නීතිඥවරයා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියේය. තමා සී. එස්. එන්. නාළිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා. එම නාළිකාවේ අයිතිය ගැන විමර්ශන නිලධාරීන් ප‍්‍රශ්න කර සිටි බව ද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.
 
 කොමිසම ඊයේ (27 දා* දහවල් එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.
 
 යෝෂිත රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නවින් මාරපන මහතා විසින් සාක්‍ෂි විභාගය මෙහෙයවන ලදී. එහිදී නීතිඥ මාරපන මහතා විසින් අසන ලද ප‍්‍රශ්න සහ ඒවාට නිශාන්ත රණතුංග මහතා විසින් ලබාදුන් පිළිතුර මෙසේය.
 
 නීතිඥ - ඔබ සීඑස්එන් නාළිකාවේ යම් තනතුරක් දැරුවද?
 
 සාක්‍ෂිකරු - ඔව්. ප‍්‍රධාන විධායක නිලධාරි
 
 නීතිඥ - සීඑස්එන් නාළිකාව ගැන යහපාලන රජය සමයේ යම් විමර්ශනයකට තමාට සහභාගි වෙන්න සිදුවුණාද?
 
 සාක්‍ෂිකරු - එහෙමයි.
 
 නීතීඥ - ඊට අදාළව තමා පොලිසියට හය සැරයක් විතර කට උත්තර දුන්න කිව්වොත් හරිද?
 
 සාක්‍ෂිකරු - හරි
 
 නීතිඥ - තමා දුන්න කටඋත්තරවලින් පසුව 2016 ජනවාරි 30 වැනිදා තමාව රිමාන්ඞ්භාරයට ගත්ත කිව්වොත් හරිද?
 
 සාක්‍ෂිකරු - හරි.
 
 නීතිඥ - තමා දින කීයක් රිමාන්ඞ් භාරයේ සිටියාද?
 
 සාක්‍ෂිකරු - දින 48 ක්
 
 නීතිඥ - ඔබගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඒ නිලධාරීන් ඔබෙන් යමක් බලාපොරොත්තු වුණාද?
 
 සාක්‍ෂිකරු - ප‍්‍රධාන විධායක නිලධාරීන් ලෙස
 
 මගෙන් එහි අයිතිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා. එය රාජපක්‍ෂ පවුලට අයිති දෙයක් ලෙස මගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්න උත්සාහයක් තියෙන බව තේරුණා.
 
 නීතිඥ - තමාට තේරුණාද විශේෂයෙන් ම යෝෂිත රාජපක්‍ෂ මහතා මේ නාළිකාවේ අයිතිකරු කියල කිව්වොතින් තමා අර දින 48 රිමාන්ඞ් බන්ධනාගාරගත වීමෙන් ගැලවෙන්න අවස්ථාවක් තියෙනව කියලා.
 
 සාක්‍ෂිකරු - එවැනි දෙයක් මට නොකිය කිව්ව කියල කියන්න පුළුවන් ස්වාමීනි.
 
 නීතිඥ - තමාට ඒකෙන් වැටහුණා ද මේ පරීක්‍ෂණ සියල්ල යෝෂිත රාජපක්‍ෂ මහතා යම් අපරාධමය කරුණකට ඈඳවන්න කරන උත්සාහයක් කියල.
 
 සාක්‍ෂිකරු - එහෙමයි ස්වාමීනි.
 
 නීතිඥ - එය කරගෙන යන්නේ පුළුල් වශයෙන් එවකට රාජපක්‍ෂ පවුලට එල්ල කර තිබූ දේශපාලන පසුබිමක් සහිත යාන්ත‍්‍රණයක එක් කොටසක් ලෙස තමාට වැටහුණාද?
 
 සාක්‍ෂිකරු - එහෙමයි ස්වාමීනි.
 
 ජාතික ලොතරැුයි මණ්ඩලයේ හිටපු සභාපති චමින්ද පුෂ්පකුමාර මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව එහි වගඋත්තරකරුවන් පිරිසක් ද ඊයේ කොමිසම හමුවට කැඳවා තිබුණි.
 
 මේ අනුව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද කොමිසම හමුවට පැමිණි අතර ඔහුට එරෙහිව සෘජුව චෝදනාවක් නොමැති බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නේය. ඔහු වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබුණේ ජාතික ලොතරැුයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක් වූ අශෝක් විතාරණ මහතා විසින් සඳහන් කර තිබූ පරිදි එවකට මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායක මහතා විසින් කැඳවා තිබූ සාකච්ඡුාවක් සම්බන්ධයෙන් බව පැමිණිල්ලේ නීතිඥවරයා කොමිසමට කීවේය. එහෙත් අශෝක් විතාරණ මහතා මේ වන විට මියගොස් ඇති බැවින් රවි කරුණානායක මහතාව මෙම පැමිණිල්ලට අදාළ වගඋත්තරකාරත්වයෙන් නිදහස් කරන බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.
 
 චමින්ද පුෂ්පකුමාර මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ බවට කොමිසමේදී ප‍්‍රකාශ වූ ජාතික ලොතරැුයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක් වූ ශාමිලා පෙරේරා මහත්මිය ද කොමිසම හමුවේ පෙනී සිටි අතර ඇය කොමිසම හමුවේ තමා සාක්‍ෂි දීමට අදහස් නොකරන බව ප‍්‍රකාශ කරන ලදී. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සහ ජාතික ලොතරැුයි මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී නාලක කලූවැව මහතා ද ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නේය.


 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles