Divaina - ඊයේ කොරෝනා ආසාදිතයෝ 865ක්... දිනක වැඩිම ගණන; මරදානට දෙමටගොඩට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමන් ගමගේ, ටෝනි කරුණානායක

cccc
 
 සමන් ගමගේ, ටෝනි කරුණානායක
 
 මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙන කොරෝනා රැුල්ල හේතුවෙන් මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයෝ 865 දෙනෙක් ඊයේ (23වැනිදා* දිනයේ් වාර්තා වූහ.
 
 මෙම ආසාදිතයන් හයසිය නවදෙනා අතරින් පුද්ගලයන් 535 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තාවිණි. ගාල්ල ධීවර වරායෙන් පුද්ගලයන් 05දෙනකු හා බේරුවල ධීවර වරායෙන් පුද්ගලයන් 20දෙනකු ද වාර්තා වී තිබුණි. නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 48දෙනකු සහ ඔවුන්ගේ ආශි‍්‍රතයන් 20දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.
 
 වාහම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත‍්‍රික්කයේ මරදාන, දෙමටගොඩ පොලිස් බල ප‍්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
 
 මීට අමතරව කළුතර දිස්ත‍්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලූත්ගම යන පොලිස් බල ප‍්‍රදේශවලටද නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වන බවත් එය 26 වැනි සඳුදා අලූයම 5.00 තෙක් බලපැවැත්වෙන බවත් හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.
 
 එමෙන්ම කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මගුරුමස්විල, ගුලවිට උතුර, ගුලවිට දකුණ, මාකලන්දාව සහ වෙදවත්ත යන ප‍්‍රදේශ හුදකලා කළ බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 මේ අනුව මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද සංකීර්ණ කොරෝනා පොකුරෙන් මේ දක්වා හ`දුනාගනු ලැබූ ආසාදිතයන් ගණන 3426 දක්වා ඉහළ
 
 ගියේය.
 
 මෙම තත්ත්වයත් සමග බේරුවල සහ ගාල්ල ධීවර වරායන් වසා දැමීමට ද සෞඛ්‍ය බලධාරීහු ඊයේ කටයුතු කළහ.
 
 බේරුවල ධීවර වරාය ආශි‍්‍රතව ව්‍යාපාර කටයුතු කළ ප‍්‍රසිද්ධ මාළු ව්‍යාපාරිකයකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා අලූත්ගම නගරයේ ඇති මාළු වෙළෙ`දසැල් පහක් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ ඊයේ කටයුතු කර තිබිණි.
 
 මාතර හෙට්ටිවීදිය ප‍්‍රදේශයේ මාළු වෙළ`ද සලක ව්‍යාපාරිකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය. අදාළ ව්‍යාපාරිතයා පසුගිය 16 වැනිදා තවත් දෙදෙනකු සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණ ඇතැයි වැලිගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එම්. එම්. මාලක නුවන් මහතා සඳහන් කළේය.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිද්ධියත් සමග අදාළ ව්‍යාපාරිකයාට සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකට අනුව ඔහු ආසාදිතයකු බව අනාවරණය වී ඇත. ඔහු සමග එහි ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ ඊයේම පියවර ගෙන ඇත.
 
 වැලිගම මහජන සෞඛ්‍ය බල ප‍්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් දස දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයට පසුගිය දිනවල ගොස් ඇතැයි මේ වන විට අනාවරණය වී තිබෙන බවද කියා සිටි වැලිගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා මේ වන විට ඔවුන් සහ පවුලේ සියලූ දෙනා නිරෝධායනයට යොමු කර ඇතැයි ද පැවසීය.
 
 අලූත්ගම මාළු වෙළෙ`දසලේ ව්‍යාපාරිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඊයේ බේරුවල ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ද වසා දැමීමට සිදුව ඇත. අදාළ මාළු වෙළෙඳ සල ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ලට යාබදව තිබීම මෙයට හේතුවී තිබේ.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද සංකීර්ණයෙන් මාළු රැුගෙනවිත් රත්නපුර මුවගම ප‍්‍රදේශයේ අලෙවි කරනු ලබන මාළු ව්‍යාපාරිකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වී තිබිණි. මේ හේතුවෙන් ඔහුගේ ආශි‍්‍රතයන් 100දෙනකු පමණ නිරෝධායනයට ලක් කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
 
 මෙම පුද්ලයා පසුගියදා රත්නපුර නගර සභාවේ පැවැති ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවකට සහභාගි වී ඇති නිසා නගර සභාවේ පිරිසකට ද පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබීය.
 
 දොම්පේ ප‍්‍රදේශයේ කපුගොඩ පදිංචි ව්‍යාපාරිකයකුට සහ පූගොඩ හෙට්ටිකඬේ මාළු වෙළෙඳසලක් පවත්වාගෙන යන පුද්ගලයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.
 
 මේ වන විට අදාළ මාළු ව්‍යාපාරිකයාගෙන් මාළු මිලදී ගත් පාරිභෝගිකයන් සොයා හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
 
 හෝමාගම ප‍්‍රදේශීය සභාවට අයත් ් වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳ සැලක
 
 හිමිරුට ද කොරෝනා වෛසරය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය.
 
 ඒ සමගම අදාළ මාළු වෙළෙඳසල වසා දමා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ආශි‍්‍රතයන් සියලූ දෙනා නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
 
 පානදුර නගර සභා බල ප‍්‍රදේශයේ ඇති සියලූම මාළු වෙළෙඳසල් වසා දමා ඒවායේ සේවය කළ පුද්ගලයන් හා ආශි‍්‍රතයන් පීසීආර් පරීක්‍ෂණවලට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ ඊයේ පියවර ගෙන තිබිණි.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
 
 හැටන් නගරයේ වූ සියලූම මාළු වෙළෙඳසල් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පොලිසිය ඊයේ පියවර ගෙන තිබිණි.
 
 පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද සංකීර්ණයෙන් මාළු ගෙනවිත් අලෙවි කිරීම නිසා මෙසේ වෙළෙ`දසල් වසා දමා ඇති අතර ඒවායේ සියලූ සේවකයන් පීසීආර් පරීක්‍ෂණ ස`දහා යොමු කිරීමට ද කටයුතු කර ඇත. ගතවූ පැය විසිහතර තුළ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 797 දෙනකු වාර්තා වී ඇති අතර එය ගම්පහ දිස්ති‍්‍රක්කය තුළින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන බව ගම්පහ දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
 
 එම සංඛ්‍යාව පෙරේදා සහ ඊයේට අදාළව ගෙවී ගිය පැය 24 තුළ වාර්තා වී ඇති අතර මෙම රෝගීන් ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාස 788 ක් තුළින් වාර්තා වී ඇති බව ද ඒ මහතා ස`දහන් කළේය.
 
 මාතර කොටුවේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ ගණකාධිකාරිවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
 
 ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු දිනපතා පොදු ප‍්‍රවාහන සේවා මගින් රාජකාරියට ගොස් ඇති අතර ඔහුගේ ආශි‍්‍රතයන් සොයා සෞඛ්‍ය අංශ ඊයේ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
 
 මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් කොළඹ නැව් තටාකාංගණයේ සේවකයකුගේ බළපිටිය කටුවිල ප‍්‍රදේශයේ සිටි ඥාතියකුගේ අවමංගල උත්සවයකට සහභාගි වී ඇති අතර ඒ අනුව එහි පුද්ගලයන් 15 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.
 
 මෙම ආසාදිතයාගේ ආශි‍්‍රතයන් 52 දෙනකුට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් මේ බව තහවුරු වූවේ යැයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා ස`දහන් කළේය.
 
 මෙම තත්ත්වයත් සම`ග කටුවිල ග‍්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට ද පියවර ගෙන ඇති අතර එම ප‍්‍රදේශයේ නිවාස 90 ක පුද්ගලයන් නිරෝධායනයටද ලක් කර ඇත.
 
 කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු පැමිණ ගිය බව අනාවරණය වීම නිසා ගාල්ල ප‍්‍රධාන තැපල් කාර්යාලයේ සියලූම අංශ වසා දැමීමට ද ඊයේ පියවර ගෙන තිබිණි.
 
 ආසාදිත පුද්ගලයා තමන්ට කොරෝනා ආසාදනය වී තිබෙන බව දුරකථන මාර්ගයෙන් තැපැල් කාර්යාලයට දැනුම් දීමෙන් පසු මෙසේ එය වසා දමා ඇත.
 
 මීගමුව නගර සභාවට අයත් මීගමුව සුපිරි වෙළෙ`ද සංකීර්ණයේ තවත් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ඊයේ තහවුරු වී තිබණි.
 
 මීට පෙර එහි ව්‍යාපාරික යුවළකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදු කළ පීසීආර් පරීක්‍ෂණ අනුව මේ බව අනාවරණ වී ඇත.
 
 පසුබිම් වාර්තා - සුසන්ත අමරබන්දු, අනුර යසමිත්, ලලිත් චාමින්ද, එස්.කේ. කළුආරච්චි, උපේනද්‍ර සේරසිංහ, විමල් කීර්ති, විජයසිරි විද්‍යාසේකර, අඟුරුවාතොට - මංගල ප‍්‍රසන්න මහිලාල් පද්මසූරිය, ටී.කේ.ජී. කපිල, එම්. එම්. පී. ජී. පෙරේරා, ප‍්‍රසන්න ප‍්‍රදීප්, ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර, එස්. නුවරපක්‍ෂ, නිහ්ශංක සංජීව, විල්සන්ට් විජේසිංහ, සුගතපාල දීයගහගේ සහ පියදාස රණසිංහ

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles