Divaina - ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණි විට ශවේන්ද්‍රගේ තහනම ඉවත් කර ගන්න... සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 අකිත පෙරේරා
 
 sajg135ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණි විට වත්මන් හමුදාපති සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති ගමන් තහනම ඉවත් කර ගැනීමට ඉල්ලීමක් කරන්නැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා* විශේෂ ඉල්ලීමක් කළේය.
 
 විපක්‍ෂ නායක-
 
 ඇමරිකානු රාජ්‍ය ලේකම් අපේ රටට එන බව කියා තිබෙනවා. එහිදී එතුමා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාවත් හමුවේවි. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ හමුදාපතිට ඇමරිකාව විසින් පනවා තිබෙන. ‘ට‍්‍රැවල් බෑන්ඞ්’ එක සම්බන්ධයෙන් පොම්පියෝ මහතා සමග කතා කර එය ඉවත් කරන්න කි‍්‍රයා කරන්න කියා. එය සමස්ත රණවිරුවන් වෙනුවෙන්ම කළ යුතු දෙයක්.
 
 දිනේෂ් ගුණවර්ධන මහතා-
 
 ඒ කියපු කාරණය අපි අද නොවෙයි. මුල් පැය 24 තුළම අදාළ බලධාරීන් කැඳවලා කළා. රට වෙනුවෙන් පියවර ගත්තා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට මේ බව දැන්වූවා. පසුගිය ආණ්ඩුව කරපු ඒ මහා පාවාදීම ජිනීවාවලදී සම අනුග‍්‍රහය ඇතිව යෝජනාවක් ගෙන ඒමයි. එහෙම නිසයි මේක වුණේ.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 මුහුණට මුහුණ හම්බවෙන නිසා ඉල්ලීමක් කරන්න.
 
 දිනේෂ් ගුණවර්ධන මහතා-
 
 ඔබගේ ආණ්ඩුවයි, හිටපු විදේශ ඇමැතියි රට පාවා දුන්නා. ඒකයි මෙහෙම දෙයක් වුණේ.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ ශවේන්ද්‍ර සිල්වාගෙනුත් අහලා බලන්න. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කරන්න මම තමයි යෝජනා කළේ. එතුමාගේ නම ස්ථිර කරන්න මමයි යෝජනාව කළේ.
 ්

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles