Divaina - පාස්කු කොමිසමට ගිය මාධ්‍යවේදීන්ට බී.එම්අයි.සී. ලොක්කා කඩා පනී

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



එරික් ගාමිණී ජිනප‍්‍රිය

bmichපාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාව වාර්තා කිරීම සඳහා එම කොමිසම පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව වෙත ගොස් සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එම පරිශ‍්‍රයෙන් ඉවත් වන ලෙස එම සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වූ සුනිල් දිසානායක මහතා ඊයේ (23 දා* ප‍්‍රකාශ කර ඇත.

සහරාන් හෂීම්ගේ බිරිඳ වන හාදියා ඊයේ දිනයේදී එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නත් එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දුන්නේ නැත. එබැවින් මාධ්‍යවේදීහු එම කොමිෂන් සභාව පවත්නා පරිශ‍්‍රයෙන් පිටත රැඳී සිටීමට කටයුතු කළහ. කොවිඞ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් එම පරිශ‍්‍රය තුළ මීට පෙර තබා තිබූ පුටු ඉවත්කර තිබූ බැවින් මාස ගණනාවක් සිටගෙන සිටි මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් තමන්ට පහසු ආකාරයට කටයුතු කළහ. එම අවස්ථාවේදී පාස්කු කොමිසම පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන සුනිල් දිසානායක මහතා එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බැණ වැදුනේය.

ඉන් අනතුරුව සියලූම මාධ්‍යවේදීන් දිසානායක මහතා හමුවී බැණ වැදීම පිළිබඳව ඔහුගෙන් විමසා සිටි අතර එම අවස්ථාවේදී ඔහු ප‍්‍රකාශ කර සිටියේ ඔහුට එම ප‍්‍රශ්නය අදාළ නොවන බවයි. ඒ පිළිබඳ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා සමග සාකච්ඡා කරන ලෙස ද ඔහු කීවේය. එසේ වුවද එම සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන දිසාසායක මහතාට එම සම්මන්ත‍්‍රණ ශාලාවට අදාළ කරුණක් අදාළ නොවන්නේ කෙසේද යන්න විමතියට කරුණක් විය. කෙසේ වුවත් සුනිල් දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව සියලූම මාධ්‍යවේදීන් එම කොමිසමේ ලේකම්වරයා වූ බුවනෙක හේරත් මහතා හමුවූ අතර ඔහු ද පවසා සිටියේ මාධ්‍යවේදීන් සමග මෙවැනි ගැටලූ පිළිබඳව සාකච්ඡුා කිරීමෙන් ඵලක් නොවන බවයි. සියලූම මාධ්‍යවේදීන් වෙනුවෙන් හේරත් මහතා හමුවූ මාධ්‍යවේදියාට ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ‘ඔයාලත් එක්ක මේවා ගැන කතා කරලා වැඩක් නොමැති බවයි.

කෙසේ වුවත් පසුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පාලන අධිකාරිය ආසන කිහිපයක් මාධ්‍යවේදීන්ට ලබාදීමට කටයුතු කළේය.


 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles