Divaina - නිකටට මාස්ක් දාගෙන බස් සේවකයන් වැඩ කරන්න එපා.... ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
maskkkk333 බස් රථවල ගමන් කිරීමේදී මුඛ ආවරණ නිවැරදිව පැළඳගෙන යෑම ඉතා වැදගත්. නාසය, මුඛය හා නිකට වැසෙන සේ එය පැළඳගෙන බසයේ ගමන් කරන්න යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය  ‘දිවයින’ට ඊයේ (23 දා* පැවසුවාය.
 
 මෙහිදී තවදුරටත් කතාකළ ඇය මෙසේද කීවාය.
 
 බස් රථයේ මතුපිට පෘෂ්ඨ, පොල්ල අතපත  ගෑමෙන් වළකින්න. පුළුවන් තරම් බස් රථයේදී අන් අය සමග මුහුණට මුහුණලා ඉන්න එපා. මුහුණ හැකි තරම් හරවාගෙන ගමන් කරන්න. අසුනේ වාඩි වෙන කොටත් ටිකක් ඈත්වෙලා වාඩිවෙන්න. බස් රථවලට ගොඩවීමේදී විශේෂයෙන් කාන්තාවන් සාරි පැළඳගෙන ගොඩවෙනවා නම් සාරිය බසයේ පඩිපෙළේ ගෑවෙන්න දෙන්න එපා. මොකද සමහර සෙම්, සොටු පඩි පෙළේ තියෙන්න පුළුවන්. ඒ තුළිනුත් වෛරසය බෝවෙන්න පුළුවන්.
 
 ඒ වගේම ගමන් කරන ඔබ බසයේ ගමන් කරන කොට විෂබීජ නාශක අත් පිරිසිදුකරණයක් රැුගෙන යන්න. ඒවායෙන් අත් පිරිසිදු කරගන්න. බස් රථ රියැදුරු මහතා සහ කොන්දොස්තර මහතාත් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සේවය
 
 සැපයිය යුතුය. කිසිම වෙලාවක මාස්ක් එක නිකට ළඟට කරගෙන සේවයේ යෙදෙන්න එපා. මොකද බස් රථයේ රියැදුරු මහතා හා කොන්දොස්තර මහතා මගීන් කී දෙනෙක් සමග ගැටෙනවාද? ඒ නිසා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්.

 
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles