Divaina - දැන් රට වහන්න බෑ... සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අකිත පෙරේරා
 
 pavit333කොරෝනා නිසා මුලදී අප රට වැසුවත් සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලා අද එසේ කළ නොහැකි යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 
 ඇමැතිවරිය එසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (23 දා* පැවති ඳොකාවිඞ් 19 පිළිබඳ කල් තැබීමේ විවාදයට එක් වෙමිනි.
 
 වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (23 දා* පෙරවරු 10.00 ට රැුස්විය.
 
 ලිපි ලේඛන, පෙත්සම්, නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසුව දිනට නියමිත වූ වත්මන් කොවිඞ් - 19 තත්ත්වය රට පුරා පැතිර යෑම සහ විවිධ ක්‍ෂේත‍්‍රවලින් රෝගීන්, ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ආරම්භ විණි.
 
 කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජා.ජ.බ*-
 
 කොරෝනා පළමු අදියරට වඩා දෙවන අදියර දරුණු වෙමින් ඇති බව පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ නිසා සමාජයේ යම් තැති ගැනීමක් ඇති වෙලා. සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ද රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ජන ජීවිතය කඩා වැටුණු පිරිස් වෙත සහන සලසන ලෙසත් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ යම් සාධනීය කරුණ නිසා කොරෝනා පළමු පියවර මැ`ඩ පවත්වා ගැනීමට හැකි වුණා. ඒ පිළිබඳව අපට ඇගයීමක් තිබෙනවා. පළමු අදියර අවසන් වූ පසුව දෙවන අදියරක් මතුවේ යැයි හැඟීමකින් යුතුව අවශ්‍ය වන නීතිමය රැුකවරණය ගැසට් කරනු ලැබූයේ දෙවැනි අදියරෙන් පසුවයි. ඒ නිසා අවශ්‍ය වන අවධානය ගිලිහී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. දෙවෙනි අදියර ගැන ආණ්ඩුව මෙන්ම සමාජය තබා ගත යුතු අවදානම බිඳ වට්ටවා ගෙන තිබුණා. ඉන්දියාවේ සිට බ‍්‍රැන්ඩෙක්ස් ආයතනය වෙත ගෙන් වූ සේවකයන් නිසි නිරෝධායනයට කටයුතු කළා දැයි වාර්තාවක් ලබා ගත යුතුයි.
 
 සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා-
 
 එලෙස ඉන්දියානුවන් ගෙන්වූවා දැයි අපට තොරතුරක් නැහැ.
 
 අනුර දිසානායක මහතා-
 
 ඉන්දියානුවන් ම ගෙන්වූවා දැයි පැහැදිලි තොරතුරක් නැහැ තමයි. හැබැයි ඉන්දියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් හෝ එලෙස ගෙන්වා තිබෙනවා. ඔවුන් නිසි නිරෝධායනයට ලක්වූවාද? එවැනි ස්වයං නිරෝධායන ක‍්‍රියාවලියක් නොවූ බව සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අනුගමනය කළ නිරෝධායන නීති උල්ලංඝනය කර බව පෙනෙන්නට තිබෙනවා. මෙම ආයතනයේ සේවකයන්ට රෝග ලක්ෂණ කලින් පහළ වී තිබුණා. නමුත් ආයතනයේ වෛද්‍යවරුන් කළේ පැනඩෝල් දෙකක් දීම යි. රෝග ලක්ෂණ තිබියදී තමන්ගේ ‘ටාගට්’ සපුරා ගැනීම සඳහා මිනිස් සම්පත බිල්ලට දීම සාධාරණද?
 
 කොරෝනා උවදුර දැන් තිබෙන්නේ පාලිත තත්ත්වයේ ද? සමාජ තත්ත්වයේ ද? මෙය යම් පමණකට සමාජගත වීමක් තිබෙන බවට හැඟීමක් තිබෙනවා. මේ තත්ත්වය කුමක්දැයි සෞඛ්‍ය ඇමැතිවරිය පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි.
 
 මුව ආවරණ සම්බන්ධව වන ප‍්‍රමිතිය පිළිබඳව
 
 ඇගයීමක් තිබේද? මුව ආවරණ දැන් ස්වයං රැුකියාවක් බවට පත් වී තිබෙනවා. එමෙන්ම අත් පිරිසිදු කිරීමේ දියර පිළිබඳව වන ප‍්‍රමිතිය කුමක්ද?
 
 මේ කොරෝනා වසංගතය නිසා විවිධ සමාජ කණ්ඩායම් අර්බුදයට ලක්ව තිබෙනවා. ඒ අයගේ ජන ජීවිතය ගොඩනැංවීම සඳහා යම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න.
 
 විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 මේ අර්බුදය මුලින්ම ඇති වූ විට පාර්ලිමේන්තුවේ යම් ප‍්‍රශ්නයක් ඇසුවේ නම් ඒ ඇසුවේ මා පමණයි. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ පිළිබඳ සැහැල්ලූවෙන් කතා කර ඇති බව හැන්සාඞ් වාර්තා විමර්ශනය කිරීමේ දී අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. එදා ඇති තතු හෙළි කරන විට ආණ්ඩු පාර්ශ්වයේ මෙන්ම ඇතැම් මාධ්‍ය අප විහිළුකාරයන් බවට පත් කළා. අද පොකුරු පිටින් කොරෝනා රෝගීන් සමාජයෙන් මතු වෙනවා. මේ සත්‍යය අද හංගමින් ඉන්නවා. රජයේ අ¥රදර්ශී බව සහ නොසැලකිලිමත් බව නිසා මේ කොරෝනා වසංගතය මේ අයුරින් පැතිරී තිබෙනවා. ත‍්‍රිවිධ හමුදාව, පොලිසියට මෙන්ම සෞඛ්‍ය අංශවලට අප ප‍්‍රණාමය පුද කළ යුතුයි. මේ තරමටවත් බේරී ඉන්නේ ඔවුන් නිසයි. මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ හිර වෙලා. දත්තවල සැඟවීමක් වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ ගැන සොයා බැලීමක් කරන්න. සත්‍ය තොරතුරු රටින් වසන් කිරීමෙන් සිදු වන්නේ බරපතළ තත්ත්වයක්.
 
 (නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණේ.*
 
 සජිත් පේ‍්‍රමදාස මහතා-
 
 රජයේ දත්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හෙළි කරන්න. මේවා සඟවමින් ඉන්න එපා. කොරෝනා සමාජ ව්‍යාප්තිය නතර කරන්නට අප කැපවී කටයුතු කරමු.
 
 වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා-
 
 ලෝක මට්ටමෙන් ඉතා ඉහළට පැතිර ගිය මෙම කොරෝනා රෝගය ලංකාවේ දී ඉතා හොඳින් කළමනාකරණය කර ගන්නට කටයුතු කළ ජනපති ප‍්‍රමුඛ සියලූම ක්ෂේත‍්‍රවලට ස්තූතිය පුද කරනවා. විපක්ෂ නායක තුමාගේ කථාව පුරා තිබුණේ දේශපාලන අපහාස උපහාස පමණයි. කලාපය අතින් ගත්තත් ශ‍්‍රී ලංකාවේ කොරෝනා රෝග පාලනය ඉහළ මට්ටමක පවතිනවා. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම රජය වශයෙන් අප භාර ගන්නවා. ඒ
 
 ගැන සැකයක් තබා ගත යුතු නැහැ. රට නොවසා සියල්ල කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. රෝගයෙන් මිදීම මෙන්ම ජනතාවගේ ආර්ථික තත්ත්වය ගොඩනැංවීමට අපට වගකීමක් තිබෙනවා.
 
 ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය (ජාජබ*-
 
 කොරෝනා සමග ජීවත්වීමේ අභියෝගය අපට තිබෙනවා. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරිය හමුවේ තිබෙන්නේ ප‍්‍රබල අභියෝගයක් බව කිව යුතුයි. ඊට මුහුණ දීම සඳහා එතුමියට අප ශක්තිය ප‍්‍රාර්ථනා කරනවා. නිරෝධායන මධ්‍යස්ථානවල විවිධත්වයක් ගැන කතා වෙනවා. සමහර විට මුදල් ගෙවා ලබන සේවාවන්වලට වඩා මුදල් නොගෙවා ගන්නා සේවාවන්වල වෙනස්කමක් තිබෙනවා. ඇතැම් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද රෝගය බෝවීමේ අවදානමක් තිබෙන බවට සමාජයේ බියක් ඇතිවී තිබෙනවා. කොරෝනා රෝගය වැලඳී ඇතැයි හෙළි වන අය වැරදිකරුවන් ලෙස නිරූපණය නොකළ යුතුයි. මාධ්‍යයටත් එහි වගකීමක් තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය පණිවිඩ භාෂා තුනෙන්ම ලබාදිය යුතුයි.
 
 ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා-
 
 ලෝකය පුරා කොරෝනා රෝගීන් මිලියන හතළිස් දෙකක් පමණ හඳුනාගෙන තිබෙනවා. වසංගත රෝගයක දරුණුකම මනින්නේ මිලියනයකට වාර්තා වන මියයාම් ප‍්‍රමාණය අනුවයි. ශ‍්‍රී ලංකාවේ මිලියනයකට මියයෑම් වාර්තා වන්නේ 281 ක් පමණයි. ශ‍්‍රී ලංකාව තවමත් රෝගය දක්ෂ ලෙස පාලනය කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය උපරිම ප‍්‍රතිපාදන වෙන්කර තිබෙනවා. කොරෝනා රෝගය සඳහා වාෂ්ප ඇල්ලීම ඉතා වැදගත් බව බටහිර වෙදකම ද අද පිළිගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට පැමිණි බ‍්‍රැන්ඩික්ස් පිරිස දින දාහතරක් නිරෝධායනය කළ බව රජය වෙනුවෙන් මා ප‍්‍රකාශ කරනවා. අත් සේදුම් කාරකවල ප‍්‍රමිතිය පිළිබඳව අප දිගින් දිගටම සොයා බැලීම් කරනවා.
 
 කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා (සජබ*-
 
 රෝගීන් සඳහා දැඩි ඇඳන් හිඟයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ අභියෝගය සඳහා සූදානම් විය යුතුයි. කොරෝනා ප‍්‍රධාන රෝහල ලෙස අද භාවිත කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලයි.
 
 ලෝකයේම ගුවන්තොටුපළවල් වසන විට අපේ රටේ සංචාරය කරන්නට එන්නැයි කෝටි ගණන් මුදල් වියදම් කර දැන්වීම් පළ කළා. ගුවන් තොටුපළ වසා දමන්නැයි අප මුලදීම කිව්වා. වෙනත් ¥පත් රාජ්‍යයන් මෙය කළත් අප රට කළේ නැහැ. මේ වෛරසය මැඬපැවැත්වීම සඳහා ඉතා අසීරු ක‍්‍රියාමාර්ග ගත යුතුයි. මුලදීම ‘ලොක් ඩවුන්’ කරන්නැයි අපි පැවසූ විට ජනපති පැවසූයේ කොරෝනා රෝගීන් විසි
 
 ගණනක් වාර්තා වූවා යැයි කියා රට වැසිය යුතු නැති බවයි. පන්දහස් ගණනක් මිය ගිය ද යුද්ධය කාලයේදීවත් රට නොවැසූ බවයි.
 
 මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීම නිසා කොරෝනා සම්බන්ධයෙන් ජනතාවට තිබූ බිය ලිහිල් වුණා. නමුත් ලොව අන් රටවල සියලූම මැතිවරණ මේ අර්බුදය නිසා කල් දැමීමට කටයුතු කළා.
 
 (නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණේ.*
 
 විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා-
 
 රටක් ලෙස ජනතාවට සුරක්ෂිත බවක් ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. කොරෝනා වසංගතයේ තිබියදී මේ දිනවල උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ගුරුවරුන් කරන කැප කිරීම සම්බන්ධව ජාතික මට්ටමින් ඇගයීමක් කළ යුතුයි.
 
 හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා (සජබ*-
 
 කොරෝනා දෙවැනි රැුල්ල ලංකාවට ගෙන ආවේ රජය බව මා නිර්භයව කියනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා ධීවර වරායවලට කොරෝනා පැතිරීම භයානක තත්ත්වයක්.
 
 වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා-
 
 විපක්ෂය උත්සාහ කළේ රෝගය මර්දනය කරන්නට නොව ඉදිරි මැතිවරණය සඳහා මේ රෝගය පාවිච්චි කරන්නයි.
 
 පශු සම්පත් හා ගොවිපළ ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. බී. හේරත් මහතා-
 
 පාලක පක්ෂය කොරෝනා උවදුරට මුහුණ දුන් ආකාරය පිළිබඳව යහපත් විනිශ්චයකට එළඹෙන්නට හැකියාව තිබෙනවා. මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ කරමින් රෝගය සමාජගත වීමට තිබෙන අවදානම තුරන් කරමින් සිටිනවා.
 
 (වසන්ත යාපා බණ්ඩාර මහතා මුලසුනට පැමිණේ.*
 
 යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා (දෙ.ජා.සං*-
 
 දේශපාලකයන්ට ලකුණු දාගන්නට නොයා අප කළ යුත්තේ මේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමයි. මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා අපට අණපනත් අවශ්‍ය වෙනවා. අපගේ බෝවන රෝග පනත වසර සියයක් පමණ පැරණියි. අපට හරියාකාරව ඇඳිරි නීතිය පැනවීමටවත් නීති නැහැ. ඇත්තෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය කියා දෙයක් නැහැ.
 
 කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මධුර විතානගේ මහතා (පො.පෙ*-
 
 ලොව සෑම රටකටම මේ රෝග පාලනය අභියෝගයක් බවට පත්වෙලා. කොරෝනා රෝගයට මුහුණ දීම සඳහා වන නව නිපැයුම් අද නිෂ්පාදනය වෙමින් තිබෙනවා.
 
 මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා-
 
 කොරෝනා උවදුර මැද රටේ ආර්ථිකය සමතුලිතව පවත්වා ගැනීමට අපට හැකි වුණා. ඇතැම් පාර්ශ්වයන් කොපමණ කිඹුල් කඳුළු හෙලූවත් ඔවුන්ගේ හිත ඇතුළේ තිබෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටිය යුතුය යන සංකල්පයයි. යුද සමයේදීත් ඔවුන්ගේ සිතේ තිබුණේ එවැනිම සංකල්පයක්. කොරෝනා උවදුර මැද්දේ රටක් මෙන්ම ආර්ථිකයක් ලෙස නැගී සිටීමට ද අප උත්සාහ කර තිබෙනවා.
 
 රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා (සජබ*-
 
 බොරු පුරසාරම් දොඩා කොරෝනා වසංගතයේ බර හෑල්ලූ කළ යුතු නැහැ. එසේ වුවහොත් වන්නේ තත්ත්වය වඩාත් දරුණු වීමයි. කොරෝනා හැදුන විට විපක්ෂය සතුටු වන බව ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කියනවා. අප කියන්නේ ඇත්ත වසන් කරන්න එපා කියලයි. කොරෝනා සමාජ ව්‍යාප්තියක් නැතැයි කතා නොකියා ජනතාව ඉන් මුදා ගැනීමට කටයුතු කරන්න.
 
 කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජගත් කුමාර මහතා (පො.පෙ*-
 
 රජය දිගින් දිගටම කතා කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි. කොරෝනා රෝගය තවමත් සමාජ වසංගතයක් බවට පත්වී නොමැති බව වෛද්‍යවරුන් තහවුරු කළා.
 
 බදුල්ල මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා(සජබ*-
 
 මෙම උවදුරෙන් දුක් විඳින්නේ අසරණ ජනතාවයි. කොරෝනා උවදුර ඇරඹීමේදී මේ ආණ්ඩුව නිසි පරිදි කටයුතු කළා නම් අද මේ තත්ත්වයට පත්වන්නේ නැහැ. ගමේ මිනිහාට අද පැනඩෝල් පෙත්ත ගන්න මුදල් නැහැ. ඒත් සමහර ඇමතිවරුන් ලියුම් ගසා කුඩ සහ ටෝච් ඉල්ලනවා.
 
 පත් කළ මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය (සජබ*-
 
 මම ගත් තීරණය ගැන පැහැදිලි කළ යුතුයි. මේ තීරණය මා ගත්තේ හෘද සාක්ෂියට එකඟවයි. මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට මුදල් ගෙවන්නේ අහිංසක ජනතාවයි. එසේ නම් අප රටට ණයකාරයෙක් විය යුතු නැහැ. ඒ තීන්දුව ගත්තේ රට ගැන හිතලා. මම ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරනවා. එතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී එතුමාට අදාළම නැති රාජකාරි කළා. ඇවිදින මං තීරු ඇති කිරීම ආදී වැඩ කොටස ගැන විවාදයක් නැහැ. එතුමාගේ අත් දෙක බැඳලා ගඟට විසි කර පීනන්න යයි කීවාට පලක් නැහැ. මේ රට හදන්න නම් කුහකකම් අත්හැරිය යුතුයි. රටට බලයක් සහිත ජනාධිපති කෙනෙක් අවශ්‍යයි.
 
 ගම්පහ මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා (සජබ*-
 
 අප රටේ ජනතාව ඡුන්දය පාවිච්චි කරන්නේ ඊට වටිනාකමක් ලබා දීමටයි. ඡුන්දදායකයන් පාවා දුන් පිරිසක් අප දුටුවා. ඊළඟ ඡුන්දයේදී එවැනි අයට හොඳ පිළිතුරක් ලබා දේවි.
 
 ගම්පහ ඇඳිරි නීතිය දැමූ
 
 ප‍්‍රදේශවලට සාධාරණයක් කළ යුතුයි. ඔවුන් ඉතාම අසරණව සිටිනවා.
 
 (අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණේ.*
 
 හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී උපුල් ගලප්පත්ති මහතා (පොපෙ*-
 
 කොරෝනා පළමු රැුල්ල අප සාර්ථකව මැඩ පැවැත්වූවා. සමාජයෙන් රෝගීන් හමු වෙමින් තිබෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිවිටෙක පවසා නෑ.
 
 කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ*-
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය අප රටටත් යම් උපදේශන ලබා දී තිබුණා. කොරෝනා මරණ ආදාහනය කරනවා ද භූමදානය කරනවද යන ගැටලූවක් පැන නැගුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ විධි දෙකටම අවසර දී තිබුණා. නමුත් අප රටේ කළේ ආදාහනය පමණයි. ඊට විරුද්ධව මුස්ලිම් වෛද්‍යවරුන් ද අදහස් දැක්වූවා. ඒ සම්බන්ධයෙන් තවම විසඳුමක් නැහැ. විසිවන සංශෝධනයට ඡුන්දය දුන් මුස්ලිම් මන්ත‍්‍රීවරුන් පිළිබඳව සිතාවත් මේ ගැන සලකා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
 
 බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය-
 
 කොරෝනා අවදානම සමග අප ජීවත් වන්නේ කෙසේ දැයි කල්පනා කළ යුතුයි. කොරෝනා අර්බුදය මර්දනය කිරීම සඳහා හොඳ මහජන සෞඛ්‍ය ක‍්‍රමවේදයක් අප සතුව තිබෙනවා.
 
 මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වීරසුමන වීරසිංහ මහතා (පො.පෙ*-
 
 අප රටේ දේශපාලනයටත් කොරෝනා තත්ත්වය නරක ලෙස බලපෑවා. විපක්ෂය රෝගය පැතිරෙන්නට පටන් ගත් මුල් යුගයේදී පාර්ලිමේන්තුව කැඳවන්නැයි කිව්වත් දැන් පාර්ලිමේන්තුව වහන්නයි කියමින් කිඹුල් කඳුළු හෙළනවා.
 
 ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා (සජබ*-
 
 මෙහි අවසාන ගොදුර වන්නේ ජනතාවයි. ඒ නිසා ජනතාවත් මේ සඳහා විශාල කැපකිරීමක් කළ යුතු වෙනවා. රජය ඒ කැපකිරීම කරන්නට ජනතාව පෙළඹවිය යුතුයි. රජය හරි තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි.
 
 නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය-
 
 කොරෝනා වෛරසය අනෙක් වෛරසවලට වඩා වෛරස ප‍්‍රචාරණය කිරීමේ හැකියාව වැඩියි. මේ රෝගය සමාජගත වුණා නම් එසේ නැතිනම් වැඩිහිටියන්ට වැළඳුනා නම් මිය යෑමේ ප‍්‍රතිශතය වැඩි වන්නට ඉඩ තිබුණා.
 
 සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය-
 
 මෙම රෝගය මර්දනය කිරීම සඳහා රාජ්‍ය නායකයාගේ සිට ලැබෙන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අප කටයුතු කරන්නේ ලෝක වසංගත තත්ත්වයක් සමගයි. ලෝකයට මෙය වෛරසය අලූත්. ලෝකය අලූත් පර්යේෂණ නිර්දේශ කරමින් සිටිනවා. එම දැනුම අපේ විශේෂඥයන්ට තිබුණෙත් නැහැ. මුලදී අප රට වැහුවා. නමුත් අද සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට එදා ගත් තීරණ ගන්නට බැහැ. ලංකාවේ සෞඛ්‍යය ප‍්‍රවීණයන්ගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා රජය හැමවිටම කටයුතු කරනවා. දේශපාලකයන් වන අපට වෛද්‍යවරුන්ට උගන්වන්නට හැකියාවක් නැහැ. අප කොරෝනා රෝගය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළා යැයි චෝදනා කළා. අද වන විට අප පර්යේෂණාගාර 26ක පර්යේෂණ කරනවා. අද වන විට රෝගී ප‍්‍රතිකාර සඳහා ඇඳන් තුන්දහස් පන්සියයක් වෙන් කරගෙන තිබෙනවා. අද වෙන විට රෝග ප‍්‍රතිකාර සඳහා රෝහල් තිහක් සූදානම් කරගෙන තිබෙනවා. කොරෝනා රෝගය වැළැක්වීම සඳහා එන්නතක් එවීමට සූදානම් බවත් ඒ සඳහා රට සූදානම් කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දන්වා තිබෙනවා. කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ලෝකය සමග සසඳා බලන විට ශ‍්‍රී ලංකාව ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන තවත් රටක් නැහැ.
 
 (පාර්ලිමේන්තුව නොවැම්බර් 3 වැනිදා පෙරවරු 10 ට යළි රැුස්වේ.*

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles