Divaina - අයි.සී.අයි.සී.අයි බැංකුවේ බලපත‍්‍රය අවලංගු කෙරේ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 ශී‍්‍ර ලංකාවේ අයිසීඅයිසීඅයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සඳහා නිකුත් කර ඇති බලපත‍්‍රය අවලංගු කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.
 
 ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන මහ බැංකුව මෙසේ පවසයි.
 
 ඉන්දියාවේ අයිසීඅයිසීඅයි බැංකුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන ප‍්‍රකාරව, ශී‍්‍ර ලංකාවේ අයි.සී.අයි.සී.අයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සඳහා නිකුත් කර ඇති බලපත‍්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබාදී තිබේ.
 
 අයි.සී.අයි.සී.අයි. බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්‍ෂණ අධ්‍යක්‍ෂක සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යෑම සඳහා අයි.සී.අයි.සී.අයි. බැංකුව වෙත නිකුත් කරන ලද බලපත‍්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවංලගු කරන ලදී.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles