Divaina - 20 ට ඡන්දය ගන්න ජානිපෙ මන්තී‍්‍රන්ට බලපෑම් කරලා විමල් අගමැතිට පැමිණිලි කරයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 420 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය ලබා ගැනීමට ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් ජාතික නිදහස් පෙරමුණේ මන්තී‍්‍රවරුන්ට කරන ලද බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා අතර ඊයේ (21 දා) පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් පිරිසක් ජානිපෙ මන්තී‍්‍රවරුන් වන ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික පේ‍්‍රමරත්න යන මන්තී‍්‍රවරුන් අතරින් කිහිප දෙනකුටම 20 වැනි සංශෝධනය සඳහා ඡුන්දය ලබා දෙන්නැයි බලපෑම් කර ඇති බව විමල් වීරවංශ මහතාට එම මන්තී‍්‍රවරුන්ගෙන් දැනගන්නට ලැබී තිබේ.

මෙලෙස බලපෑම් කිරීම සහ විවිධ වරප‍්‍රසාද ලබාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමැතිවරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී පැමිණිලි කර තිබේ. එලෙස බලපෑම් කර තිබේ නම් එය වරදක් බවද එසේ කර ඇත්තේ කවුරුන්දැයි ද අගමැතිවරයා විමල් වීරවංශ ඇමැතිවරයාගෙන් විමසා ඇත. ඒ පිළිබඳ අගමැති සිය අප‍්‍රසාදය පළ කරමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසුව කැටගොඩ මන්තී‍්‍රරයා වීරවංශ ඇමැතිවරයාට බැණ වැදී ඇති අතර පහරදීමට ද උත්සාහ දරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී අසල සිටි මන්තී‍්‍රවරුන් මෙම තත්ත්වය පාලනය කොට ගැටුම දුරදිග යෑම වළක්වා තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles