Divaina - වාද විවාද මැද ඞීල් නැතිව ගේන 20 ගැන සතුටුයි- අගමැති මැතිසබයේදී කියයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 5වාද, විවාද මැද ඞීල් නැතිව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරමින් ගෙන එන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සතුටු වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප‍්‍රකාශ කළේය.

ඉතිහාසයේ ඇතැම් ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන ආවේ මන්ත‍්‍රීවරුන්ට විශාල බලපෑම් සිදු කර වුවද 20 වැනි සංශෝධනය ගෙන එන්නේ එබඳු කිසිදු බලපෑමක් හෝ දේශපාලන ඞීල් දැමීමක් සිදු කර හෝ ජන්දය උදුරාගෙන හෝ නොවේ යැයි ද අගමැතිවරයා පැවසීය.

20 වැනි සංශෝධනය සම්බන්ධව ආණ්ඩුවට විපක්‍ෂ පාර්ශ්වවලින් විශාල වාද විවාද මතු වුවද 19 වැනි සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී එවැනි විරෝධයකට ඉඩ දීමක් හෝ මහා සංඝරත්නයට විරෝධය කිරීමට අවස්ථාවක් හෝ හිමිනොවූ බවද අගමැතිවරයා සඳහන් කළේය.

ජනතාවට එපා වුණු රට අරාජික කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම වෙනුවෙන් 20 වැනි සංශෝධනය සම්මත කරන නමුත් ඉන් වෙනත් විශේෂ දෙයක් සිදු කර නැතැයි ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී වැඩිදුරටත් පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles