Divaina - 49කට කොරෝනා පෑලියගොඩ මාළු වෙළෙඳපොළ වසයි - ගම්පහට ඇඳිරි නීතිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 9- මැනිං මාකට් එකත්  තාවකාලිකව වැසේ

- කොළඹ නැව් තටාකාංගණයේ සේවකයෝ 33ක්, රන්මුතුගල 6 ක් ආසාදිතයෝ වෙති

- ගම්පොළ ගොතටුවෙල  ගම්මානය ලොක් ඩවුන්

- සේවිකාවකට කොරෝනා: කුරුණෑගල රෝහලේ තැලසීමියා ඒකකය වසයි

- නවගමුව පත්තිනි දේවාලයත් වැසේ

ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ කොරෝනා ආසාදිත පොකුරු සහ අනු පොකුරු නිර්මාණය වෙමින් දැඩි අවදානම් තත්ත්වයක් ඇති වීම නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි ගම්පහ දිස්ති‍්‍රක්කයට ඊයේ රාතී‍්‍ර 10.00 සිට ලබන 26 වැනි ස`දුදා අලූයම 5.00 දක්වා නිරෝධායන ඇ`දිරි නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබීය.

මේ අනුව ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ ඇති පොලිස් බලප‍්‍රදේශ 33 ක නිරෝධායන ඇ`දිරි නීතිය කි‍්‍රයාත්මක වන අතර, පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මෙම පියවර ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස`දහන් කළේය.

මෙම ඇ`දිරි නීති කාල සීමාව තුළ මාර්ග බාධක සහ පොලිස් මුර සංචාර යොදවමින් දැඩිව සංචරණ සීමාවන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව කී අජිත් රෝහණ මහතා, වෙනත් දිස්ති‍්‍රක්කවල සිට ගමන් ගන්නා රථවාහනවලට ගම්පහ දිස්ති‍්‍රක්කය හරහා යෑමට හැකි වුවද කිසිසේත්ම ගම්පහ දිස්ති‍්‍රක්කයේ කිසිදු ස්ථානයක එම රථවාහන නතර කළ නොහැකි බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම ස`දහා ඊයේ (21 වැනිදා) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ස`දහන් කළේය.

ඇ`දිරි නීතිය පැවැත්වෙන ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඇති අපනයන නිෂ්පාදන සහ ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවස්ථාව ලැබෙන අතර ඒවායෙහි සේවකයන් ප‍්‍රවාහනයට අදාළ ආයතන පියවර ගත යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එසේම ජලය, විදුලිය, සන්නිවේදන, සෞඛ්‍ය, ජනමාධ්‍ය, ගුවන්තොටුපළ, ගුවන් සේවා සහ වරාය ආදී අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අයට සිය රාජකාරි හැ`දුනුම්පත භාවිත කර ගමන් කළ හැකි බවද ඒ මහතා කීවේය.

එසේ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන පිරිස්ද නිරෝධායන නීතීන්ට අනුව කි‍්‍රයා කළ යුතු යැයි කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා යම් අන්දමින් දැඩි ලෙස නිරෝධායන කටයුතු සිදු කරන ප‍්‍රදේශවල සහ රෝගීන් බහුලව හමුවී ඇති ප‍්‍රදේශවල සිටින පුද්ගලයන් අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදුණද ඔවුන් සේවයට කැ`දවීමේදී අදාළ ආයතන වගකීමෙන් කි‍්‍රයා කළ යුතු බවද පැවසීය.

මේ වන විට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඊයේ (21 වැනිදා) දහවල් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද පොළින්ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 49 දෙනකු වාර්තා වීම හේතුවෙන් මත්ස්‍ය වෙළෙ`දපොළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ වෙළෙ`දසල් හිමියන් සහ සේවකයන් අතරින් අහඹු ලෙස තෝරාගත් 105 දෙනකුට පෙරේදා (20 වැනිදා) සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් අනතුරුව මෙම ආසාදිතයන් හ`දුනාගෙන ඇත.

ඒ සමගම වහාම කි‍්‍රයාත්මක වූ සෞඛ්‍ය බලධාරීහු පොලිසියේ සහ ආරක්‍ෂක අංශවල සහාය ලබාගනිමින් එය සම්පූර්ණයෙන්ම වසා දමා ඒ අවස්ථාවේ එහි සිටි සියලූ දෙනා පීසීආර් පරීක්‍ෂණවලට යොමු කිරීමට ද කටයුතු කළහ.

දහවල් ආරම්භ කෙරුණු එම පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීමේ කටයුතු ඊයේ සවස් වනතුරුත් කි‍්‍රයාත්මක වෙමින් තිබිණි. මෙම තත්ත්වයත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද පොළ දින කිහිපයක් වසා දමා විෂබීජානුහරණයට ලක් කිරීමට කටයුතු කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ආදාළ අංශවලට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව මත්ස්‍ය වෙළෙ`දපොළ තාවකාලිකව වසා දැමිණි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`දපොළේ ව්‍යාපාරිකයන් වන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි පස් දෙනකු ඇතුළු පුද්ගලයන් හයදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ඊයේ වාර්තා විය.

ඒ අනුව ඔවුන්ගේ ආශි‍්‍රතයන් හැත්තෑ දෙනකු නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

මේ අතර පවතින තත්ත්වය හමුවේ අද (22 වැනිදා) කොළඹ මැනිං වෙළෙ`දපොළ ද ලබන ස`දුදා (26දා) තෙක් තාවකාලිකව වසා දැමීමට ඊයේ එම වෙළෙ`ද සංගමය තීරණය කරනු ලැබීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකුට සහ කොට්ටාව ප‍්‍රදේශයේ මාළු වෙළෙඳසලක සේවකයන් පස්දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වූ අතර ඔවුන්ගේ ආශි‍්‍රතයන් සොයා සෞඛ්‍ය අංශ විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබීය.

එසේම පෙරේදා කොරෝනා ආසාදිතයකු හමු වූ බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කැලණිය හා කෑගල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන තවත් නිලධාරිනියකට හා නිලධාරියකුට ද වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ තහවුරු වූ අතර කොළඹ සිනමන් ‘රෙසිඩන්ට්’ සුපිරි නිවාස සංකීර්ණයෙන්ද ආසාදිතයන් දෙදෙනකු වාර්තා විය.

කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන සේවකයන් 33 දෙනකුට ඊයේ වන විට කොරෝනා ආසාදනය වී ඇතැයි ද වාර්තා විය.

එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු ඇතුළු රාගම කඩවත ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හය දෙනකු වාර්තා වීමේ සිද්ධියක් හේතුවෙන් රන්මුතුගල බංගලාවත්ත ප‍්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ද ඊයේ වන විට ආරක්‍ෂක අංශ කටයුතු කළේය.

මේ අතර ඉකුත් දිනවල කුලියාපිටිය ප‍්‍රදේශයේ පැතිර යෑම ආරම්භ වූ කොරෝනා වෛරස තත්ත්වයත් සම`ග කුරුණෑගල ශික්‍ෂණ රෝහල යටතේ කි‍්‍රයාත්මක තැලිසීමියා ඒකකයේ රාජකාරි කළ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.

කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචි මෙම රෝහල් සේවිකාවගේ 13 හැවිරිදි දියණියට හා සැමියාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.

කුලියාපිටිය ප‍්‍රදේශයේ ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 30 දෙනකු වාර්තා වීමත් සම`ග එම ප‍්‍රදේශයේ ද අවදානම් තත්ත්වයක් ඇතිවී තිබිණි.

ආගමික නිකායක දේව මෙහෙයකට සහ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් හේතුවෙන් මෙසේ ප‍්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ බවට මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ අනුව දැනටමත් පුද්ගලයන් 400 ක් පමණ පීසීආර් පරීක්‍ෂණ ස`දහා යොමු කර 1000 ක් පමණ දෙනා නිරෝධායනයට ලක් කර සිටින බව කුලියාපිටිය ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පැවසීය.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරද ඇතුළුව ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 109 දෙනකු වාර්තා වී තිබිණි. ඒ අනුව මිනුවන්ගොඩ පොකුර ඊයේ වන විට 2451 දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ අතර පෙරේදා දිනයේ රෝගීන් 56 දෙනකු වාර්තා වීමත් සම`ග කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වූ රෝගීන් ගණන ද 314 දක්වා ඉහළ ගියේය.

කොළඹ ජාතික රෝහලේ 46 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය අංශ ඊයේ ස`දහන් කළේය.

ඒ අනුව එම ආසාදිතයාගේ ආශි‍්‍රතයන් වූ අදාළ වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්‍ෂණ කිරීමට ද පියවර ගනු ලැබීය.

කළුබෝවිල රෝහලෙන් ඊයේ දිනයේ තවත් කොරෝනා රෝගියකු වාර්තා විය.

ගම්පොළ මිල්ලගහමුල ගොතටුවල ප‍්‍රදේශයෙන් ද ඊයේ දිනයේ තවත් කොරෝනා රෝගීන් තිදෙනකු වාර්තා විය. ඒ අනුව ගොතටුවල ග‍්‍රාමසේවා වසම සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත් බව පන්විලතැන්න මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප‍්‍රදීප් නවරත්න මහතා පැවසීය. මෙම ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් 170 දෙනකු නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර ඇත.

කඩුවෙල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයක සේවකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හ`දුනාගෙන තිබිණි. ඒ අනුව එම හෝටලයේ සිටි සියලූම සේවකයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් සෞඛ්‍ය අංශ ඔහුගේ ආශි‍්‍රතයන් සොයා විමර්ශනයක් ද ඇරඹීය.

පවතින තත්ත්වය හමුවේ නවගමුව පත්තිනි දේවාලය ද වසා දැමීමට කටයුතු කළ බව එම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර කපු මහතා පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත්ව යනතුරු දේවාලයේ කටයුතු අත්හිටුවන බවද ඒ මහතා ස`දහන් කළේය.

කහතුඩුව හයිඩ‍්‍රාමනි ආයතනයේ තවත් සේවකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද සෞඛ්‍ය අංශ ඊයේ හ`දුනාගෙන තිබිණි. මෙම සේවකයා ඉකුත් 12 වැනිදා අසනීප වූ සේවකයකු සම`ග මීට පෙර වෛරසය ආසාදනය වූ එම ආයතනයේ සෞඛ්‍ය සේවිකාව හමුවට ගොස් ඇති බව හෙළිවී ඇත.

බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගණයේ සේවය කළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයකුගේ පවුලේ තිදෙනකුටද වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ති‍්‍රක් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ යාපනය මරදන්කේණී ප‍්‍රදේශයේ අලූතින් පිහිටුවන ලද කොරෝනා රෝහලට පෙරේදා (20 වැනිදා) රෝගීන් 21 දෙනකු ඇතුළත් කළ බවද වාර්තා විය.

මෙම රෝගීන් සියලූ දෙනාම විවිධ පළාත්වල පදිංචිකරුවන් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඒ. කේතීෂ්වරන් මහතා ස`දහන් කළේය.

සමන් ගමගේ සහ දිනසේන රතුගමගේ

පසුබිම් වාර්තා - ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, මංගල ප‍්‍රසාද්, සුරංග දිල්හාන්, සරත් ද සිල්වා, සමරවීර නිරෝෂණ, උදය බී. යටිවැල්ල, පී. එල්. ජයවර්ධන, උපේන්ද්‍ර සේරසිංහ සහ සෝමපාල නැලිගම

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles