Divaina - ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කෙරෙන වගන්තිය ඉතිරිව තිබීම ගැන සෑහීමකට පත්වීමට බැහැ - ඇමැති විමල් වීරවංශ

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wimal1‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි කි‍්‍රයා මාර්ග මොනවා දැයි ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සමග පැවැති සාකච්ඡුාවේදී කතා බස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පෙරේදා (20 දා) සවස රාජගිරියේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයන් අතර පැවැති එම සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය. මෙහිදී ගෝලීය හා කලාපීය දේශපාලන ප‍්‍රවණතා පිළිබඳවද සාකච්ඡුා වූ බව වීරවංශ මහතා සඳහන් කළේය.

යම් ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපති, අගමැති, ඇමැතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයේ සකී‍්‍රය භූමිකාවක් ඉටුකිරීමට වුවමනා නම් වෙනත් රටක් සමග තිබෙන බැඳීම්, පක්‍ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්‍ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ජානිපෙ නායකයා වැඩිදුරටත් පැවසීය.

දැනට ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලටද අදාළ වන සේ පැවතිය යුතු බවත් මෙහිදී අවධාරණය කළ ඇමැතිවරයා එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී කොමියුනිස්ට් පක්‍ෂයේ ඩියු ගුණසේකර මහතා සඳහන් කළේ 20 වැනි සංශෝධනය, ඉදිරි අය-වැය හා ගෝලීය හා කලාපීය දේශපාලන ප‍්‍රවණතා පිළිබඳව මෙරට ප‍්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ දෙකක් ලෙස සාකච්ඡුාව පැවැත්වූ බවය. ඉදිරි දින දෙක තුළදී ‘ද්විත්ව පුරවැසිභාවය’ පිළිබඳව 20 වැනි සංශෝධනයේ පවතින වගන්තිය පිළිබඳව ඒකාබද්ධව පියවර ගැනීමට මෙම සාකච්ඡුාවේදී එකඟ වූ බවද ඒ මහතා තහවුරු කළේය.

මෙම සාකච්ඡුාව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් එස්. විජේසිරි, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා පි‍්‍රයංගා කොතලාවල,

ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛi ජී. වීරසිංහ, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් එස්. සුදසිංහ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ලසිත දුමින්ද
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles