Divaina - විපක්‍ෂ නායකත් කොරෝනා දෙවැනි පෙළ ආශි‍්‍රතයෙක් - සජිත්ගේ කතාවට පවිත‍්‍රා උත්තර දෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pali1 1කොවිඞ් 19 වසංගතය සමාජ ව්‍යාප්තියක් බවට වර්ධනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් එය එසේ නොවන බවත් එහෙත් යාල ප‍්‍රදේශයේ හෝටලයක රැුඳී සිටි විපක්ෂ නායකවරයා කොරෝනා දෙවැනි පෙළ ආශ‍්‍රිතයකු බවට පසුගියදා හ`දුනා ගෙන ඒ බව ඔහුට වහා දැනුම් දුන් බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළාය.

මේ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඝෝෂා කිරීම නිසා සභා ගැබ තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

විපක්ෂ නායකවරයා දෙවැනි පෙළ ආශ‍්‍රිතයකු බවට සෞඛ්‍ය ඇමැතිවරිය කළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා තමන් වෛiවරුන් විසින් ලබා දුන් උපදෙස් අනුව කටයුතු කළ බව කීවේය.

මේ නිසා ඔවුන් දෙදෙනා අතර උණුසුම් විවාදයක් ඇති විය. නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා නැගිට ප‍්‍රකාශ කළේ රෝහල්ගත කළ ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැතිවරයාගේ ඇ`දට යාබද ඇෙ`ද් සිටි රෝගියා ද කොරෝනා ආසාදිතයකු බවට හෙළිවී ඇති බවය.

එහිදී කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා නැගී සිට ගාමිණී ලොකුගේ ඇමැතිවරයා ද කොරෝනා දෙවැනි පෙළ ආශි‍්‍රතයකු බවත්, ඔහු කොරෝනා රෝගියකු වන බස් රථ හිමිකරුවකු හමුවීමට ගොස් ඇති බවත් කීවේය. මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු අතර ඇතිවූ සංවාදය උණුසුම් බවක් ගත්තේය.

විපක්ෂ නායක

කොරෝනා උවදුර පොකුරු ව්‍යාප්තියේ සිට මේ වනවිට සමාජ ව්‍යාප්තිය දක්වා පැතිරිලා. සමහර පී.සී.ආර්. යන්ත‍්‍ර අක‍්‍රීයයි. අවිධිමත් ලෙස තමයි කොරෝනා මර්දන කටයුතු කෙරෙන්නේ.

සෞඛ්‍ය ඇමැතිනිය

මෙය තවදුරටත් සමාජ ව්‍යාප්තියක් ලෙස පැතිර යන බවට වසංගත රෝග අංශය දැනුම් දී නැහැ. අපේ වසංගත රෝග විiා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කොතරම් දක්ෂද කියනවා නම් විපක්ෂ නායකතුමා යාල හෝටලයකට ගිහින් දෙවැනි පෙළ ආශි‍්‍රතයෙක් ලෙස ඉතා ඉක්මනින් හ`දුනාගත් වහා පැය කීපයක් ඇතුළත එතුමාට උපදෙස් දුන්නා සෞඛ්‍යාරක්ෂිතව සිටිය යුතු ආකාරය ගැන. අපි විපක්ෂ නායකතුමාට දැනුම් දුන්නා ‘ඔබ දෙවන පෙළ ආශි‍්‍රතයෙක් ලෙස හ`දුනාගෙන සිටිනවා’ කියා. අපේ දක්ෂකම නිසා තමයි එසේ හඳුනාගත්තේ. රටට මීට වඩා සහතිකයන් නැහැ. (මන්ත‍්‍රීවරු ඝෝෂා කරති.) විපක්ෂ නායකවරයාව තමයි දෙවන පෙළ ආශ‍්‍රිතයෙක් ලෙස හ`දුනා ගත්තේ.

විපක්ෂ නායක

වෛiවරුන් අපට ලබා දුන් සියලූ උපදෙස් අපි අකුරටම ක‍්‍රියාත්මක කළා. ඒක නෙවෙයි මෙතන ප‍්‍රශ්නය. එතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා. මොන බොරුවක්ද... වෛi සංගමය කියනවා සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියා.

සෞඛ්‍ය ඇමැතිවරිය

යාල හෝටලයක රෝගියකු හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා එම ස්ථානයට ගොස් තියෙනවා. එනිසා දෙවැනි පෙළ ආශ‍්‍රිතයෙක් ලෙස අප විපක්ෂ නායකතුමා හ`දුනා ගත්තා. ඒ අපේ සෞඛ්‍ය අංශවල දස්කම නිසා. අපේ සෞඛ්‍ය අංශ කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය බි`ද දමන්න එපා.

විපක්ෂ නායක

මු`ළු රටම අකර්මණ්‍යයි. කොරෝනා ඉවරයි දැන් ඡුන්දෙ තියමු කියා මාධ්‍ය ඉදිරියට ගිහින් කිව්වේ මෙතුමියයි.

සෞඛ්‍ය ඇමැතිවරිය

විපක්ෂ නායකවරයාත් මාස්ක් නැතුව ඡුන්දෙ කාලේ රටපුරා ගියේ කොවිඞ් තිබුණේ නැති නිසායි. ඒ කාලේ කොරෝනා රෝගය සමාජයේ තිබුණේ නැහැ.

කථානායක

දැන් ඇති... ඔය ගැන කතා කරන විවාදයේදී ඕනෑ තරම් වෙලාව දෙන්නම්. ඇති තරම් කතා කරන්න

විපක්ෂ නායක

මගේ මැතිවරණ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වෙද්දී මම මාස්ක් දැම්මද නැද්ද කියන්න පවිත‍්‍රා ඇමැතිවරිය මා එක්ක රට වටේ ගියේ නැහැ.

කථානායක

කිසිම අදාළත්වයක් නැති කතාවක්. ඔබතුමාගේ තනතුරට ගරුත්වයක් ඇතිවෙන විදිහට කතා කරන්න.

නලින් බණ්ඩාර

ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැතිවරයාට හදිසි හෘදයාබාධයක් ඇතිවෙලා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ ඇ`දට ඇ`දන් දෙකකට එහා පැත්තේ සිටි රෝගියාට කොරෝනා බව වාර්තා වී තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. එතුමා අද හෙට මේ සභාවට ඒවිද දන්නේ නැහැ. රිෂාඞ් බදුර්දීන්ට නිරෝධායනය නිසා එන්න දුන්නේ නැහැ.

කථානායක

බොහොම ස්තූතියි ඒ ගැන දැනුම් දුන්නාට.

කුමාර වෙල්ගම

මතුගම හොරවල අද කෙරෝනා පැතිරිලා. ගම් තුනක් වහලා. ඒ ආසාදිතයෙක් ගාමිණී ලොකුගේ ඇමැතිවරයාත් දන්නවා. ඒ අර බස් එකේ අයිතිකාරයා. එතුමත් ඒ රෝගියාව හමුවුණා. එනිසා ගාමිණී ලොකුගේත් දෙවැනි පෙළ ආශ‍්‍රිතයෙක්.

කථානායක

ඒක රීති ප‍්‍රශ්නයක් නොවේ.

වෙල්ගම මන්ත‍්‍රීවරයා

කේ.බී.රත්නායක වැනි කථානායකවරුත් දැක තියෙනවා. ඒත් ඔබතුමා වගේ පක්ෂපාති කථානායකවරයෙක් දැකලා නැහැ.

කථානායක

සභාවේ වැඩ කඩාකප්පල් කරන්න යද්දී ඒකට ඉඩ දෙන්න බැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles