Divaina - ඥානසාර හිමියන්ට අධිචෝදනා භාර දෙයි - නොවැ. 24 නඩුව යළි කැඳවයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court33මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික විශ්වාසයට නින්දා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකාර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ ඊයේ (21 දා) අධිචෝදනා භාරදීම සිදු කරන ලදී.

විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකාර හිමියන් රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට එහිදී නියම කළ විනිසුරුවරයා එම නඩුව ලබන නොවැම්බර් 24 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

2016.11.01 හා 2016.12.11 අතර කාලය තුළදී කෑරගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයකදී එලෙස මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික විශ්වාසයට නින්දා කළේ යැයි විත්තිකාර හිමියන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

නීතිඥ හරින් පතිරණ, නීතිඥ සංජීව ආරියදාස යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles