Divaina - සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය නැවතීම ගැන පාඨලී ජපන් අගමැතිට කනගාටුව පළ කරයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p9 2ජපාන රජයේ ජයිකා ආධාර යටතේ ක‍්‍රියාත්මක වූ සැහැල්ලූ දුම්රිය සංක‍්‍රමණ ව්‍යාපෘතිය (LRT)  නවතා දැමීමට වත්මන් රජය ගනු ලැබූ තීන්දුව හේතුවෙන් එම රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් තමාගේ කනගාටුව ප‍්‍රකාශ කරන බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ජපන් රජයේ අගමැති යොෂිහිදේ සුගා මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

දෙරට අතර වූ අන්‍යොන්‍ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත‍්‍රශීලීභාවය මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝකාලීනව පවතිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද එකී ලිපියේ දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ජපන් රාජ්‍යයේ අගමැති යොෂිහිදේ සුගා මහතා වෙත යොමු කළ එම ලිපිය පහත පරිදි වේ.

මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුබාශිංෂණ පිරිනමමි.

වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලූ දුම්රිය සංක‍්‍රමණ ව්‍යාපෘතියේ ((LRT) ආරම්භකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක‍්‍රියාකළ ශ‍්‍රී ලංකා රජයේ අමාත්‍යවරයා වශයෙන්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය උදෙසා මෙතෙක් සිදුකළ වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශීලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ කනගාටුව ඔබතුමන් වෙත පළකරමි.

ශ‍්‍රී ලංකාව ක‍්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටියි. 2016 වර්ෂයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප‍්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටින අතර 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණදුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ. මෙම තත්ත්වයට පිළියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා (JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 - 2012 වර්ෂයන්හිදී සිදුකළ සමීක්ෂණයකට අනුව බස් ප‍්‍රමුඛතා මන්තීරු ක‍්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙළ, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙළක් යෝජනා කරන ලදි.

පසුව ජපානයේ සහ ශ‍්‍රී ලංකාවේ විශේෂඥයින් එක්ව 2015-2016 වර්ෂයන්හිදී ‘කොම්ට‍්‍රාන්ස්’ නාගරික ප‍්‍රවාහන ප‍්‍රධාන සැලසුම ප‍්‍රකාරව සිදුකළ ගැඹුරු අධ්‍යයනයකින් පසුව සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ((LRT) උපායමාර්ගික වශයෙන් වඩාත්ම වාසිදායක ව්‍යාපෘතිය ලෙස හඳුනාගන්නා ලදි. ආරම්භයේදී සැහැල්ලූ දුම්රිය මාර්ගයන් ඉදිකළ යුතු නාගරික කලාපයන් හතක් හඳුනාගනු ලැබූ අතර පසුව එය කලාප 4ක් දක්වා සම්පින්ඩනය කරනු ලැබීය. ඒ අතරින් කොළඹ කොටුව සහ කඩුවෙල දක්වා වූ මාර්ගය ඉදිකිරීම සඳහා ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තීරණය විය. ජපානයේ ජයිකා ආයතනය (JICA) මෙම ව්‍යාපෘතිය සඳහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සඳහා වූ වාර්ෂික පොලී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය. එසේම ණය ගෙවීම සඳහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දීර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදෙන ලදි. පසුගිය දශකයක කාලසීමාවේදී ශ‍්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත් කළ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහය ලබාගැනීම සඳහා 6%-7% වැනි ඉහළ පොලී අනුපාතයන් යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය.

ශ‍්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුළදී සියලූම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුණු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකළ වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ. 2024 වන විටදී පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි.

ජපානය පසුගිය වසර 70 පුරාම ශ‍්‍රී ලංකාවේ හොඳ මිත‍්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අපවෙත ලබාදෙන ලදි. දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත‍්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන යන ලදි. එවන් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කනගාටුව ප‍්‍රකාශ කරමි. දෙරට අතර වූ අන්‍යොන්‍ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත‍්‍රශීලීභාවය මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝකාලීනව පවතිනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

සිරිමන්ත රත්නසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles