Divaina - මුහුණු පොත ඔස්සේ කාදිනල්තුමාට අපහාස කළ කාන්තාව රිමාන්ඞ්... මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටත් නියෝග

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කශුනි රෙබෙකා
 
 kardinal333මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමන්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කළ සිද්ධියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් දීපා සමන් කුමාරි මදනායක නමැත්තිය නොවැම්බර් මස 02 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා ඊයේ (19 දා* නියෝග කළේය.
 
 පෙරේදා (18 දා* මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ලේකම්වරයා වන ජී. කේ. ශිරාන් සුබසිංහ පියතුමා විසින් කළ පැමිණිල්ලකට අනුව බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
 එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය 07 වැනිදා මෙම සැකකාරිය විසින් ”තනි මම හෙට වෙනුවෙන්” නමැති මුහුණු පොත තුළ පවත්වාගෙන යන ගිණුමක් හරහා කතෝලික ආගමේ ප‍්‍රධානියා වන කාදිනල්තුමාට ද්වේශසහගත හා අපහාසය වන අයුරින් ප‍්‍රකාශයක් සටහන් කර ඇති බවයි.
 
 ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ (291* (අ* වගන්තිය යටතේ හා පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වන බවත් ඒ අනුව ඇය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් ඇයගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීමට ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.
 
 කාදිනල්තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා කරුණු දක්වමින් කාදිනල්තුමන්ට එරෙහිව කුමන්ත‍්‍රණකාරී බලවේගයක් තිබේදැයි සැකයක් පැන නැෙඟන බව කියා සිටියේය.
 
 ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කර සැකකාරියගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද නඩුව යළි නොවැම්බර් 02 වැනිදා කැඳවීමට ද නියම කළේය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles