Divaina - පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ලැබුණු තොරතුර ගැන අපේ‍්‍රල් 11 වැනිදා වනවිට 10,000 කට වැඩි පිරිසක් දැනගෙන සිටි බව මා විශ්වාස කරනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fassku- පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනපති කොමිසම

- ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුර පිළිබඳ 2019 අපේ‍්‍රල් 11 වැනි දින වනවිට 10,000 කට වැඩි පිරිසක් දැනුවත්ව සිටි බව තමා විශ්වාස කරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ (19 දා) පැවසීය.

ජයවර්ධන මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ හරස් ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමිනි. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කොමිෂන් සභාව රැුස්වූ අතර එහිදී වැඩිදුරටත් සාක්‍ෂි ලබාදුන් ජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.

ප‍්‍රශ්නය x හිටපු ජනාධිපතිතුමා මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළා, ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුර ඔහුට ලැබුණ නම් ආරක්‍ෂක මණ්ඩලය කැඳවන බව එම ප‍්‍රකාශය පිළිබඳ මොකක්ද කියන්න තිබෙන්නේ.

සාක්‍ෂිකරු x හිටපු ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය කරනකොට මම මෙම කොමිෂන් සභාවේ සිටියා.

ප‍්‍රශ්නය x ආරක්‍ෂක මණ්ඩලය කැඳවිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි නේද?

සාක්‍ෂිකරු x ආරක්‍ෂක ලේකම්තුමාට පුළුවන් ජනාධිපතිතුමා දැනුවත් කිරීමට.

ප‍්‍රශ්නය x අපේ‍්‍රල් 04 වැනිදා ලැබුණු තොරතුරු ජනාධිපතිතුමාට ලබා නොදුන් නිසා ආරක්‍ෂක මණ්ඩලය කැඳවීමට නොහැකි වූ බව පිළිගන්නාවද?

සාක්‍ෂිකරු x මම එය පිළිගන්නේ නැහැ. එම තොරතුරු අපේ‍්‍රල් 04 වැනිදා ලැබීමෙන් පසු අපි දවස් දෙකක් විමර්ශනය කරලා, ආරක්‍ෂක ලේකම්තුමාට සහ ජාතික බුද්ධි ප‍්‍රධානියාට යොමු කළා උපදෙස් පතා.

කොමිසම x ජනාධිපතිතුමාට කතා කිරීම සඳහා හොට් ලයින් එකක් තිබුණද?

සාක්‍ෂිකරු x 1970 ගණන් වල තිබුණා. 2000 සිට මම රාජකාරී කරනවා. මට පෙර සිටි අධ්‍යක්‍ෂවරුන් එය භාවිත කරනවා මම දැකලා නැහැ. මමත් එය භාවිත කරලා නෑ.

කොමිසම x හිටපු අධ්‍යක්‍ෂවරුන්ට හොට් ලයින් එකක් තිබිලා තියෙනවා. ඔබත් එය භාවිත කර තිබෙනවා නේද?

සාක්‍ෂිකරු x එම දුරකථනයේ වාර්තා ලබාගත්තා. එම දුරකථනය වැඩකරන්නේ නැහැ.

කොමිසම x හොට් ලයින් එකක් පවත්වාගෙන යන්න හේතුව කුමක්ද?

සාක්‍ෂිකරු x ඕනෑම වෙලාවක බ්ලොක් එකක් නැතිව කතා කරන්න.

කොමිසම x හොට් ලයින් එක යළිත් ක‍්‍රියාකරවීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ නැද්ද?

සාක්‍ෂිකරු x පියවර ගත්තා. එම දුරකථනය වඩාත් ප‍්‍රයෝජනවත් වෙලා තිබුණේ ජංගම දුරකථන නොතිබුණ කාලයේදී ගරු අගමැතිතුමාගේ නිල නිවසෙත්, සිරිල් හේරත් මහතාගේ නිල නිවසෙත් එම දුරකථනය තිබිල තියෙනවා.

කොමිසම x ඔක්තෝබර් 15 වැනි දින ජනාධිපතිතුමා මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කර තිබෙනවා ඔබ දුරකථනයෙන් සහ ලිඛිතව තොරතුරු ලබාදුන් බව.

සාක්‍ෂිකරු x ආරක්‍ෂක කවුන්සිලයේදී සාකච්ඡුා කරන සමහර කරුණු පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා වාර්තා ලබාදී තිබෙනවා. ජනාධිපතිතුමා එහෙම වාර්තා ඉල්ලනවා.

කොමිසම x ඔබ ප‍්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිතුමා කරපු ප‍්‍රකාශය වැරදි බවද?

සාක්‍ෂිකරු x හිටපු ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය කරන කොට මම කොමිෂන් සභාවේ සිටියා. ආරක්‍ෂක කවුන්සිලයේදී විවිධ අය විවිධ දේ කියනවා. ජනාධිපතිතුමා ඒවා පිළිබඳව විමසනවා. එතකොට කියනවා.

කොමිසම x මේ අන්දමට යම් තොරතුරක් තිබෙනවා නම් ඔබ ජනාධිපතිතුමාටත්, ජනාධිපතිතුමා ඔබටත් කතා කරන බව කිව්වොත්?

සාක්‍ෂිකරු x මගෙන් යම්කිසි දෙයක් විමසුවොත් එය ප‍්‍රකාශ කරනවා. එක් අවස්ථාවක රණවිරු උද්ඝෝෂණයකට පහරදී එක් රණවිරුවකුගේ ඇසක් අහිමි වූවා. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද කියලා කියන්න කිව්වා. සයිටම් එක ගැනත් තොරතුරු ඉල්ලූවා.

කොමිසම x ජනාධිපතිතුමා ආරක්‍ෂක කවුන්සිලයේදී ඕනෑම කරුණක් කෙළින් කියන්න කියලා කිව්වාද?

සාක්‍ෂිකරු x ආරක්‍ෂක කවුන්සිලයේදී අපට ලැබෙන තොරතුරු දීර්ඝව විස්තර කරන්න බැහැ. එම නිසා සමහර සිදුවීම්වල පසුබිම මොකක්ද කියලා කතා කරලා අහනවා. නමුත් හැම දෙයක්ම කියන්න කියලා නැහැ.

කොමිසම x එතකොට මෙම කොමිසම හමුවේදී කියලා තිබෙන්නේ බොරුද?

සාක්‍ෂිකරු x එහෙම උපදේශයක් ලබාදීලා නැහැ.

කොමිසම x 2018 මැයි 15 වැනි දින පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී ලේකම්තුමා ප‍්‍රකාශ කර තිබෙනවා නේද ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා තිබෙනවා නේද?

සාක්‍ෂිකරු x ලේකම්තුමා මඟින් මට නියෝගයක් දී තිබෙනවා ඊළඟ

රැුස්වීමේදී ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා. අයි. එස්. ක‍්‍රියාකාරකම් සහ සමාජ මාධ්‍යවල පළවන දේ ගැන දැනුවත් කරන්න කියලා තමයි තිබෙන්නේ.

කොමිසම x තොරතුරු ලබාදුන් විදේශ බුද්ධි සේවය සමග සම්බන්ධය ගොඩනඟාගන්නේ ඔබ විසින්ද?

සාක්‍ෂිකරු x මම විසින් ගොඩනඟාගත්තා. මම වෙනුවෙන් වෙන අය කළේ නැහැ.

කොමිසම x 2014 අපේ‍්‍රල් 20 ඔබ ජනාධිපතිතුමාට කතා කළාද?

සාක්‍ෂිකරු x පැජට් පාරේ, ජනාධිපතිතුමාගේ නිල නිවසට කතා කරලා කිව්වා හදිස්සියක් මට ජනාධිපතිතුමා සම්බන්ධ කරලා දෙන්න කියලා. එම අවස්ථාවේදී මම අනිත් අයටත් කතා කළා.

කොමිසම x 2019 අපේ‍්‍රල් 08 වැනි දින ජනාධිපතිතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග පැවැත්වූ රැුස්වීමට සහභාගි වූවාද?

සාක්‍ෂිකරු x ඔව්.

කොමිසම x හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ප‍්‍රකාශ කරලා තිබෙනවා එම

රැුස්වීමේදී බුද්ධි තොරතුරු පිළිබඳව සාකච්ඡුා කළ බව. එය නිවැරදිද?

සාක්‍ෂිකරු x එය නිවැරදි නැහැ. එම රැුස්වීමට විවිධ පුද්ගලයන් සහභාගි වෙනවා. එම නිසා එහිදී බුද්ධි තොරතුරු සාකච්ඡුා කිරීමට බැහැ.

කොමිසම x 2019 අපේ‍්‍රල් 09 වැනි දින පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී ඔබ අපේ‍්‍රල් 04 වැනි දින ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි තොරතුර පිළිබඳව සඳහන් කළේ නැහැ නේද?

සාක්‍ෂිකරු x එම කාරණා පදනම් කරගෙන මට කෲර ලෙස චෝදනා කරනවා. මිනිසුන් මරණයට පත්වීම ගැන මම වගකියන්නේ අපේ‍්‍රල් 07 වැනිදා පමණයි. මගේ තොරතුර විදේශ තොරතුරක් තියෙනවා. යාචකයකුත් හරි විදේශිකයකුගෙන් තොරතුරු ගන්න පුළුවන්. බේදයක් නැහැ. විදේශීය බුද්ධි සේවය දැනුවත් කළේ අපි. අපේ රටේ සමහරුන්ට පිටරටින් ලැබුණ කිව්වහම හරි ලොකුයි. අපි සහරාන් ගැන කිව්වේ 2016 දී. පොඩි විජේ ඇල්ලූවේ ඔහුගේ අම්මා කෑම ගෙනියනවා බලන් ඉඳලා. සරදියෙල් ඇල්ලූවේ මම්මලේගෙන් ලැබුණු තොරතුරු වලින්. ඒ අනුව බැලූවහම සහරාන් දරුවා බලන්න යනවා කියන එක ලොකු තොරතුරක්.

ප‍්‍රහාරය පිළිබඳ තොරතුර ලැබෙන කොට අලූත් අවුරුදු සමය උදාවීමට නියමිතව තිබුණා. පාස්කු මංගල්‍ය ගැන මට මතක් වූයේ නැහැ. මම ජාතික බුද්ධි ප‍්‍රධානියාගෙන් උපදෙස් ඉල්ලා නැහැ. ඊට පෙර රිම්සාන්ගේ සිද්ධියේදී උපදෙස් ඉල්ලූවා. අපේ‍්‍රල් 07 පෙරවරු 8.56 ට පොලිස්පතිතුමාට කතා කරලා කිව්වා එම තොරතුර ජාතික බුද්ධි ප‍්‍රධානියාට යොමු කරන බව. ආරක්‍ෂක ලේකම්තුමාටත් කිව්වා. මම දැනුවත් කළ යුතු අය දැනුවත් කළා.

කොමිසම x ඔබ දල වශයෙන් ප‍්‍රහාරයට පෙර ජනවාරි 01 සිට අපේ‍්‍රල් 21 දක්වා ජනාධිපතිතුමාට කොතරම් දුරකථන ඇමතුම් අරගෙන තිබෙනවාද?

සාක්‍ෂිකරු x මගේ වාර්තා අනුව 2018 දෙසැම්බර් 01 සිට 2019 මැයි 01 දක්වා තත්පර 100 ට වැඩි ඇමතුම් 61 ක් ලබාගෙන තිබෙනවා.

එරික් ගාමිණී ජිනප‍්‍රිය

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles