Divaina - මීගමුව මුන්නක්කරය කලපුවේ කුට්ටිකාඩු දූපත ඉවත් කිරීමේ වෑයමක

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

-ජනතා විරෝධය

-ධීවර හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

මීගමු කලපුව ආරම්භයේ සිට ශතවර්ෂ ගණනාවක් මීගමු කලපුවේ පැවති කුට්ටිකාඩු දූපත බැකෝ යන්ත‍්‍ර මගින් හාරා කලපුවෙන් ඉවත් කිරීමට (අතුරුදහන් කරවීමට) ධීවර දෙපාර්තමේන්තුව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දරන උත්සාහයට එරෙහිව මීගමුව මුන්නක්කරය සහ අවට ධීවර ගම්මානවල පාරම්පරික ධීවර කාර්මිකයෝ දැඩි විරෝධයක් දක්වති.

මෙම දූපත හාරා ඉවත් කිරීම සැලසුම් කර ඇත්තේ කුට්ටිකාඩු දූපත මුහුදු මට්ටමට ඉහළින් පිහිටා තිබීම නිසා යැයි එම දූපත හාරා ඉවත් කිරීමට පැමිණි කොන්ත‍්‍රාත් සමාගම කලපු ධීවර කාර්මිකයන්ට පවසා ඇත.

මෙම කුට්ටිකාඩු දූපත දැනට ශත වර්ෂයකට පමණ පෙර සිට පාරම්පරික ධීවර කාර්මිකයෝ සහ ඔවුන්ගේ දූ දරුවන් ක‍්‍රීඩා පිටියක් ලෙසට භාවිත කර ඇත. ඊට අමතරව මුන්නක්කරය ප‍්‍රදේශයේ රජයේ විදුහලටද ක‍්‍රීඩා පිටියක් නොමැතිවීම නිසා පාසලේ වාර්ෂික ක‍්‍රීඩා තරග පවත්වන්නේ මෙම දූපතතෙහිය.

රජයේ සමහර දෙපාර්තමේන්තුවල බලධාරීන්ගේ අනුවන ක‍්‍රියාකාරකම් නිසා පාරම්පරික ධීවරයන්ට මහ`ගු වස්තුවක්වූ මෙම කුට්ටිකාඩු දූපත ඉවත් කිරීමට ගන්නා උත්සාහය පිළිකුල් කරන සුළු පන්න පාරම්පරික ධීවර කාර්මිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්වී කුට්ටිකාඩු දූපතට කිසිවෙකුට ළ`ගාවිය නොහැකි ලෙස රැකවල්ලා සිටිති.

මීගමුව සමූහ - විමල් කීර්ති

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles