Divaina - බංකොලොත් දේශපාලන නඩයක් පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියනවා

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p9 2- ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
 
 මහමැතිවරණය පවත්වන්න හදනකොට පාර්ලිමේන්තුව කැඳවන්න කියලා උසාවි ගිය අය දැන් පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා කථානායකතුමාට කියනවා යැයි- ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේ ද සඳහන් වෙයි.
 
 ලක්‍ෂමන් කිරිඇල්ල විපක්ෂ ප‍්‍රධාන සංවිධායකතුමා ලිඛිතව කථානායකතුමාට දන්වල තිබෙනවා පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධනය විවාදය කල් දමන්න කියලා. පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. මේ තරම් කල් අපි පාර්ලිමේන්තුව මුණගැහුණා. අණපනත් සම්මත කළා. විවාද කළා. ඒ හැමදෙයක්ම පාර්ලිමේන්තුවේදී අපි කළේ සෞඛ්‍ය උපදෙස් අනුව. එම නිසා මේ කරන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනයක්. ඔවුන් පාර්ලිමේන්තුව මැතිවරණය ප‍්‍රකාශ කළාට පස්සෙත් පාර්ලිමේන්තුව කැඳවන්නට හැදුවා. එතකොට මේ කිසි දෙයක් කිව්වේ නෑ. උසාවි ගිහිල්ලා කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. මීට වඩා අමාරු කාලවලදීත් අපි පාර්ලිමේන්තුව රැුස් කළා. රැුස්වෙලා අපි විවිධ තීන්දු තීරණ ගත්තා. එම නිසා පැහැදිලිව අපි කියනවා කිරිඇල්ල මහතා ඇතුළු බංකොලොත් වෙච්ච දේශපාලන නඩය හදන්නේ පාර්ලිමේන්තුව වහන්න. අපි කථානායකතුමාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැුස්වීම් පැවැත්වූවා. මේ සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය අපි අනුමත කරගෙන ඉවරයි.
 
 අපේ මූලික කාර්ය තමයි පහුගිය ආණ්ඩුව විනාශ කළ ආර්ථිකය නැවත වාරයක් ශක්තිමත් කිරීම. ඔවුන් රටේ ආරක්ෂාව විනාශ කළා. රටේ ජන ජීවිතය විනාශ කළා. මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටපු ආණ්ඩුවක් තිබුණේ. එම නිසා අපේ ප‍්‍රධාන වගකීම තමයි රටේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව අපි තහවුරු කළා. ඊළඟට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට අපි අතගහලා තියෙනවා. රටේ ප‍්‍රශ්න ගණනාවක් තියෙද්දී විවිධ ක්ෂේත‍්‍රවල සංවර්ධනයට අපි අද අතගහලා තියෙනවා. කොවිඞ් පාලනය කිරීමේ අපේ පරමාර්ථයයි. කොවිඞ් පාලන කිරීමට අපි ගත් ක‍්‍රියාමාර්ග නිසා ලෝකයේ අනිත් රටවල් සමග අප ඉදිරියෙන් සිටිනවා. විපක්ෂය කොවිඞ් එක හරහා දේශපාලනය කරන්න හදනවා. ඒ නිසා ඔවුන් ඇනගෙන තියෙන්නේ. මිනිස්සුන්ගේ මරණය හරහා අසික්කිත ලෙස දේශපාලනය කරන්න හදනවා. අපේ ආණ්ඩුව කිසිසේත් ඇනගෙන නැහැ. අපි ඉතාමත් වගකීමෙන් වැඩකටයුතු කරනවා. ජනාධිපතිතුමා ඉතා දක්ෂ ලෙස රට පාලනය කරගෙන යනවා. කොවිඞ් හැදිච්ච රටවල දිහා බලපුවාම අපි අදටත් සාර්ථකයි. අනිත් රටවල ආර්ථිකයට වෙලා තියෙන විනාශය, ජන ජීවිතවලට වෙලා තිබෙන විනාශය දිහා බලපුවහම අපේ රට ඉතාම සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වේගෙන යනවා.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles