Divaina - ඒකාධිපති රාජාණ්ඩු පාලනයකට 20 බලහත්කාරයෙන් සම්මත කරගැනීමට යනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p9 1- සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

පාර්ලිමේන්තුව සහ අධිකරණය පිළිබඳ නොසිතා ආණ්ඩුව ඒකාධිපති රාජාණ්ඩු පාලනකට ගෙන යෑමට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් සම්මත කර ගැනීමට කි‍්‍රයා කරන බව සමගි ජන බලවේගය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

එම කාර්යාලයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කෝවිඞ් දෙවැනි රැුල්ල පළමු රැුල්ලට වඩා භයානක වෙලා තිබෙනවා. එහි ව්‍යාප්තියත් වැඩියි. අපිට මතකයි එදා මේ රටේ ජනාධිපති පළමු රැුල්ල තියෙන විට පාර්ලිමේන්තුව කැඳෙව්වේ නෑ. නමුත් අද දෙවැනි රැුල්ල තිබෙන අවස්ථාවේ රටේ ජනතාව ගැන හෝ රටේ ආර්ථිකය ගැන හිතනවාට වඩා 20 වැනි සංශෝධනය සම්මත කර ගන්න පාර්ලිමේන්තුව කැඳවනවා.

අපි අහනවා 20 සම්මත කරහම මේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවාද. මේ වන විට පූජ්‍ය පක්ෂය - විවිධ සංවිධාන - ආණ්ඩුවේ සිටින බලවේග ආදී සියලූම දෙනා මේ 20 ට විරෝධය දක්වන මොහොතක වෙනත් පක්ෂවල කණ්ඩායම් විරුද්ධ වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ගේන්න කැපවුනු මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ, බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ප‍්‍රධාන කොටගත් ඒ ස්වාමීන් වහන්සේලා 20 ට විරුද්ධයි.

ඒත් ආණ්ඩුව මේ සියලූ දෙනාට කන්දෙන්නේ නැතුව ඒකාධිපති විදිහට පාර්ලිමේන්තුව, අධිකරණය ගණන් ගන්නේ නැතුව මේ 20 සම්මත කරන්න යනවා.

අද වන විට නිරෝධායන නීති ගැසට් කරලා තිබෙනවා. එහිදී මීටරයක් දුරින් සිටින්න ඕනා. පීසීආර් පරීක්ෂණ කළ යුතුයි. නමුත් නීති ගැසට් කරන තැන පාර්ලිමේන්තුව මේ නීතිය කඩලා තමයි 20 සම්මත කරන්න යන්නේ. පාර්ලිමේන්තුවේ මීටරයක් දුරින් වාඩි වෙන්න බෑ. මීටර් භාගයක් විතර තමයි ඒ දුර තියෙන්නේ. අපි ඉල්ලනවා මීටරය දුර තියන්න සහ අපි කථානායකතුමාගෙන් ඉල්ලනවා සියලූම මන්තී‍්‍රවරුන්ගේ පීසීආර් පරීක්ෂණ කරන්න කියලා.

පක්ෂ නායක කණ්ඩායම් රැුස්වීමේදී අපි ඉල්ලූවා 20 වෙනි සංශෝධනය සඳහා අවම වශයෙන් දින 04 ක විවාදයක් දෙන්න කියලා. නමුත් එය ලැබුණේ නෑ. මේ 20 න් අද රාජ්‍ය සමාගම් විශාල ප‍්‍රමාණයක් විගණනයෙන් ඈත් කරලා. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය විගණනයෙන් ඉවත් කරලා මේක හොරකමට පාර කීමක්. මහ බැංකු සහ ශී‍්‍ර ලන්කන් වාර්තා එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු නිසා තමයි අපිට කෝප් කමිටුවේදී සාකච්ඡුා කරලා ජනතාවට තොරතුරු කියන්න පුළුවන් වුණේ. ඒත් 20 වෙනි සංශෝධනයෙන් විගණනය සහ ප‍්‍රසම්පාදනය ඉවත් කරනවා. මේක අසාධාරණයි. අපිට 20 ගැන දින දෙකක විවාදයක් විතරයි ලැබුණේ.

ඇයි මේ 20 කඩිමුඩියේ සහ බලහත්කාරයෙන් සම්මත කර ගන්න යන්නේ. අද අපේ මිත‍්‍ර පක්ෂවල මන්තී‍්‍රවරුන්ට ආණ්ඩුව බලපෑම් කරනවා. අත්අඩංගුවට ගන්නවා. බලෙන් භය කරලා මේ අය ඡුන්දය ගන්න යනවා 20ට. එදා ලංගමයෙන් මේ අය ගත්තු බස් සඳහා ලක්ෂ 1450 ක් ගෙවන්න තිබෙනවා. අධිකරණයේ නඩුවක් තිබෙනවා. මේ ගැන පැමිණිලි තිබෙනවා. ලක්ෂ 1450 ක් වංචා කළ අය නිදැල්ලේ ඉන්නවා. ජනතාවට ඡුන්ද අයිතිය ලබා දෙන්න කටයුතු කළ අයට වක‍්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරනවා.

මේ ආණ්ඩුව ඒකාධිපති ජනාධිපති ක‍්‍රමයකට යන්නේ. විපක්ෂනායකයාට අද මන්තී‍්‍රවරයකු සමඟ කතා කරන්න බැරි තත්ත්වයක් මතු වෙලා. කටඋත්තර ගන්නවා. මේක අසාධාරණයි. ආණ්ඩුව 20 හරහා බලහත්කාරයෙන් මේ රට ඒකාධිපති රාජාණ්ඩුවකට ගෙන යන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවත්, අධිකරණයත් පාලනය කරන්න පුළුවන් ඒකාධිපති ගමනකට යන්න හදනවා. මේකට විරුද්ධව සියලූ දෙනාම එක්විය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේ කීය.

මීට මාස 11 කට කලින් ලංකාවේ ජනතාව හිතුවේ සිංහයෙක්ව පත් කර ගන්න. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ජනතාව සතු බලය අද තනි පුද්ගලයකුගේ අතට ගන්න යනවා. අද මේ 20 ගැන ආණ්ඩුවේද අය විශේෂයෙන් විමල්, විජයදාස වැනි අය කොන්දක් තියාගෙන කතා කරනවා කියලා පෙනෙනවා. නමුත් ඔය 20 පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවට ආවහම කොහොම හැසිරෙයිද දන්නේ නෑ. ඒත් ඒ අය අවංකවම කතා කරනවා නම් අපි ඒ අයට සර් කියලා කතා කරන්න කැමතියි. අපි ඉල්ලීමක් කරනවා මේ ඞීල් දේශපාලනයෙන් ඉවත් වෙන්න.

අපි දැක්කා පසුගියදාක විශේෂ සාකච්ඡුාවක් තිබිලා තිබෙනවා 20 ට සහාය ගන්නේ කොහොමද කියලා. ඒ නිසා විමල් පූස් පැටියෙක් නොවේවා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒත් එතුමාගේ කතා ගැන අපිට මේ දිනවල ආඩම්බරයක් තිබෙනවා. හැබැයි මේක ඩබල් ගේමක් වෙන්න බෑ. 19 න් වුණේ පාලකයා සතු බලය ජනතාවට දීමයි. නමුත් 20 න් වෙන්නේ ජනතාව සතු බලය පාලකයා අතට ගැනීමයි. ඒකට ජනතාව කැමති වෙයිද?

මේ ජනාධිපතිවරයාට වඩා හිටපු ජනාධිපතිවරයාට දේශපාලනය තේරෙනවා. මේ ජනාධිපති ෆේල්, සර් ෆේල් මොකද මැච් එක දිනන්න කලින් කප් එක උස්සලා කිව්වා කෝවිඞ් පාලනය කළා අපි ලෝකෙන් දෙවැනියා කියලා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයා 18 ගෙනල්ලා ගෙදර ගියා වගේ

ගෝඨාභය මහත්තයාටත් මේ 20 නිසා ගෙදර යන්න වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා මෙසේ කීය.

මේ වන විට කෝවිඞ් තර්ජනය බරපතළ වී තිබෙනවා. පළමු රැුල්ලට වඩා දෙවැනි රැුල්ල භයානකයි. අද රෝහල් වහනවා එදා එහෙම වුණේ නෑ. සමාජයෙන් රෝගීන් මතු වෙනවා. ඒත් ආණ්ඩුව කියන්නේ බැන්ඩික්ස් පොකුර කියලායි. මේ තත්ත්වය භයානකයි. පීසීආර් පරීක්ෂණ ටිකවත් හරියට කරන්නේ නෑ. වියතුන් සිටින මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරියට සෞඛ්‍ය ගැන මෙලෝ දැනුමක් නෑ.

අකිත පෙරේරා
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles