Divaina - විස්සේ කරුණු තුනක් සංශෝධනයට කැබිනට් අනුමැතිය - විමල් කියයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 620 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවත්නා කරුණු තුනක් නැවත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (19 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථාවේ පවතින පරිද්දෙන් අමාත්‍ය මණ්ඩලය පවත්වාගෙන යෑම විගණනය සහ හදිසි පනත් සම්බන්ධයෙන් සංශෝධනයන් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණයට පැමිණි බවද හෙතෙම පැවසීය.

ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් හදිසි පනත් සංශෝධනය වැදගන් වනු ඇතැයිද ඇමැති විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ නොයෙකුත් පාර්ශව වෙතින් පැමිණි කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කැබිනට් මණ්ඩලය කළ සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණයන්ට පැමිණි බවද ඇමැති විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles