Divaina - විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද මැතිසබයට

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

towenty 1විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (20 වැනිදා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, කේ. මලල්ගොඩ සහ පි‍්‍රයන්ත ජයවර්ධන යන පංච පුද්ගල මඩුල්ල විසින් 20 වැනි සංශෝධනයට අදාළ තීන්දුව පසුගිය 09 වැනිදා කථානායකවරයා වෙත එවා තිබුණි.

මෙම පනත් කෙටුම්පත පසුගිය මස 22 දා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ඉදිරිපත් විය. කෙටුම්පතට පක්ෂව අතරමැදි පාර්ශ්ව පෙත්සම් 20 ක්ද ගොනු කෙරිණි. පෙත්සම් විභාගය පසුගිය මස 29 වැනිදා ආරම්භ වූ අතර එහිදී පෙත්සම් 2 ක් හැර ඉතිරි පෙත්සම් 37 සම්බන්ධව සලකා බැලිණි.

කථානායකවරයා විසින් අද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප‍්‍රකාශයට පත් කළ පසුව ඊට අදාළ විවාදය 21 සහ 22 දෙදින පෙරවරු 10 සිට රාත‍්‍රී 7.30 දක්වා පැවැත්වෙයි. 22 වැනිදා රාත‍්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles