Divaina - කළුතර බන්ධනාගාරයේ ජේලර් යතුරුපැදියකින් මත්කුඩු අදිද්දී දැලේ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග‍්‍රෑම් 40 යි මිලිග‍්‍රෑම් 870 ක් සමග කළුතර බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර්වරයකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (19දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනවලින් අනතුරුව එම ඒකකයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත ඊයේ අලූයම 1.00ට පමණ පුත්තලම විල්ලූවවත්ත ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් මත්කුඩු ග‍්‍රෑම් 40යි මිලිග‍්‍රෑම් 870 ක් ප‍්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

කළුතර බන්ධනාගාරයේ සේවය කරන දෙවැනි පෙළ ජේලර්වරයකු වන 32 හැවිරිදි සැකකරු කොච්චිකඬේ -වැලිහේන පාර පදිංචිකරුවෙකි. මෙම ජේලර්වරයා විවාහ වී සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පොලිස් නිලධාරිනියක සමග බවත්, සැකකරුගේ අනියම් බිරිඳක වන පුත්තලම බන්ධනාගාරයේ සේවය නියුතු පුත්තලම ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින කාන්තාවක හමුවී ඇයට අයත් යතුරුපැදියෙන් සැකකරු මත්කුඩු රැුගෙන යන විට මෙලෙස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.

සැකකරු සතුව තිබූ මත්කුඩු පැකට් සහ යතුරුපැදිය වැඩිදුර විමර්ශන ස`දහා පුත්තලම පොලිසියට භාර දී ඇති අතර සැකකරු පුත්තලම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles