Divaina - ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ තුන්කල් බලලයි - මල්වතු අස්ගිරි උභය විහාරීය ලේඛකාධිකාරී හිමිවරු කියති

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 3ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ තුන්කල් බලා බවත්, එසේ කළහොත් එය මහජන සුබසිද්ධියට හා රටේ දියුණුවට හේතුවනු ඇති බවත් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

දීර්ඝ කාලයක් පවත්වාගෙන යාහැකි රට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍යව තිබෙන බව ද මල්වතු අස්ගිරි උභය මහ විහාරීය ලේඛකාධිකාරී නාහිමිවරු දෙනම පවසති.

මේ වනවිට විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව රටේ කතිකාවක් ගොඩනැගී තිබෙන බවත්, මේ ඔස්සේ රටේ අභිවෘද්ධියට හේතු වන ව්‍යවස්ථා සංශෝධනයකට කඩිනමින් එළැඹීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් උන්වහන්සේ දෙනම පවසති.

ව්‍යවස්ථාව යනු මූලික නීතිය බැවින් එය රටේ සියලූ ජනතාවට එකලෙස බලපාන බවත්, මේ නිසා කුමන හෝ සංශෝධනයක් කරන්නේ නම් රටත් ජනතාවත් ගැන සිතා එය කළ යුතුව තිබෙන බවත් ලේඛකාධිකාරී නාහිමිවරු දෙනම ප‍්‍රකාශ කරති.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉදිරිපත් කළ කමිටුවේ නිර්දේශ මෙන්ම මහ සංඝරත්නය හා ජනතාව දක්වන අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමුකළ යුතුව තිබෙන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ කීහ.

සමන්තී වීරසේකර

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles