Divaina - එෆ්.සී.අයි.ඞී ගැසට් එක නීත්‍යනුකූල නැහැ.... රනිල් කොමිසමේදී පිළිගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ranasss පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලූතින් පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට බලයක් නැතිනම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනය ද නීත්‍යනුකූල නොවන බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (16 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගත්තේය.
 
 අදාළ ගැසට් නිවේදනයේ පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවන බව සඳහන් වුව ද එම වගන්තියෙන් එවැනි බලයක් ලබාදී නැත්නම් එම ගැසට් නිවේදනය නීත්‍යනුකූල දැයි පැමිණිල්ලේ නීතිඥවරයා විමසූ අවස්ථාවේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා
 
 ”බලයක් නැත්නම් නැහැ” යනුවෙන් පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.
 
 ‘දිවි නැඟුම’ දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතාගේ පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි දීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ කොමිසම හමුවට පැමිණියේය.
 
 ¥ෂණ මර්දන කමිටු කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාවෙන් විධානය දී ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට වුව ද අදාළ ආයතනය පිහිටුවන්නේ වෙනත් පුද්ගලයකු විසින් බවත් එම ගැසට් නිවේදනය නිකුත් කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා නොවන බවත් පැමිණිල්ලේ නීතිඥවරයා සාක්‍ෂිකරුට සඳහන් කළේය.
 
 එය පොලිස්පති විසින් සිදුකළ දෙයක් බව ද එම නීතිඥවරයා කියා සිටි විට රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් කීවේ ”ඒ බලය තිබුණේ පොලිස්පතිට විතරයි” යනුවෙනි.
 
 ඒ අවස්ථාවේදී එම නීතිඥවරයා පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය සාක්‍ෂිකරුගේ අවධානයට ලක් කළේය.
 
 එම වගන්තිය අනුව එවැනි බලයක් දී තිබේ දැයි ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු කීවේ ”එහෙම තමයි සාමාන්‍යයෙන් පොලිස් කොට්ඨාස ඇති කරල තිබුණෙ. අපට කිව්වෙ රෙගුයුලේෂන් යටතේ තමයි හදන්න තියෙන්නේ කියලා” යනුවෙනි.
 
 මේ අවස්ථාවේ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කීවේ මේ යටතේ පොලිස් ස්ථාන පිහිටුවීමේ බලයක් නොමැති බවයි. ”ඒගොල්ලො කියන්නේ පොලිස් කොට්ඨාස පිහිටුවන්න පුළුවන් කියලයි” යනුවෙන් ඊට පිළිතුරු ලෙස සාක්‍ෂිකරු කීවේය.
 
 එසේ කීමට පනත යටතේ එවැනි බලයක් නොමැති බව කොමිසමේ සභාපතිවරයා සාක්‍ෂිකරු අමතමින් ප‍්‍රකාශ කළ විට ”පනතේ එහෙම තිබුණේ නෑ” යනුවෙන් සාක්‍ෂිකරු සඳහන් කළේය.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles