Divaina - පොඩි ලැසී ළඟ හැඩවෙන්න පුංචි රූපලාවන්‍යගාරයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
 
boxසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා රැුඳවුම් නියෝගයකට අනුව බූස්ස බන්ධනාගාරයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන යෑමට ගිය අවස්ථාවේ පොඩි ලැසී සන්තකයේ රූපලාවන්‍ය උපකරණ අඩංගු කිලෝ 05 ක බෑගයක් තිබූ බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ
 
 (16 දා* ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ දී සඳහන් කළේය.
 
 ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ
 
 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මෙහි දෙවැනි චූදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තාගේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේය.
 
 මේ පිළිබඳ අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ ද කීවේය.
 
 මම ආපු නැති ගියවර නඩු දිනයේදී සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා කියල තිබුණා පොඩි ලැසී නැමැත්තා ඇතුළු පිරිස බන්ධනාගාරය තුළ උපවාස කළේ එහි පහසුකම් නැති නිසා කියලා. ඒ නිසා දහඩිය බිබිලි දැම්මා කියලා තියෙනවා. නමුත් මොහු භාවිතයට ගන්නා ක‍්‍රීම් වර්ග රාශියක් තිබුණා. කිලෝ 05 ක් විතර බර රූපලාවන්‍ය අඩංගු බෑගයක් තිබුණා. සුදු ඇඳලා සුදු සපත්තු දමලා හරියට සංගීත ප‍්‍රසංගයකට යනවා වගේ තමයි අධිකරණයට එන්නේ යැයිද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles