Divaina - අනුලා බුලත්සිංහල අභාවප‍්‍රාප්ත වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 සුජීව තත්සර
 
 anulasප‍්‍රවීණ කලා ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය ඊයේ (16දා* අභාවප‍්‍රාප්ත වූවාය.
 
 කලක් රෝගාතුරව පසු වූ ඇය කොළඹ ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර ඇය මිය යන විට 73 වැනි වියේ පසුවූවාය.
 
 ප‍්‍රවීණ කලා ශිල්පී ලූෂන් බුලත්සිංහලයන්ගේ බිරිඳ වූ ඇය, හර්ෂ සහ ඉන්ද්‍රචාපාගේ දයාබර මෑණියන්ය. රංගනවේදිනියක ලෙස වේදිකාව පුංචි තිරය සහ සිනමාව ද වර්ණවත් කළ ඇය, ගායන ශිල්පිනියක ලෙස ද මෙරට ගී රසකාමීන්ගේ නොමඳ පැසසුමට ලක් වූවාය.
 
 රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවල දී සහ නිල් දිය යහන, ගෝල් සහ අසන්දිමිත්තා වැනි සිනමාපටවල දී විදහාලූ ඇගේ රංගන කුසලතාවන් බොහෝ දනන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් විය. දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ අඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ජනමන පොබ කළ ගීත ඇගේ ගායන දක්ෂතා මොනවට කියාපාන්නක් විය.
 
 ඉකුත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානය ලැබීමට ද ඇය වාසනාවන්ත වූවාය.
 
 අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ කලා ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17 දා* කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.

  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles