Divaina - පොලිසියට කොටුවන විට කුඩු පැකට් එක ගිල්ල කාන්තාව මියයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි
 
 heroinsමත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමීම හේතුවෙන් අසනීප තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි. ඊයේ (16 දා* පස්වරුවේ දී මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.
 
 මිය ගොස් ඇත්තේ හඳුන්නෙත්ත චාන්දනි නමැති මුණුගොඩ පාර කළුපේ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
 
 හික්කඩුව පොලිසියේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක විසින් කළුපේ ප‍්‍රදේශයේ දී කරනු ලැබූ වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 02ක් හා මිලිග‍්‍රෑම් 185ක් සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සන්තකයේ තිබී රුපියල් 18160ක් මුදලක් ද පොලිසිය මගින් සොයාගනු ලැබීය. මේ සම්බන්ධව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් බලපිටිය අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.
 
 මෙම තැනැත්තිය අත්අඩංගුවට  ගන්නා අවස්ථාවේ ඇය විසින් සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් ගිල දැමීම හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනුු ලැබීය.
 
 ඇය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය අද (17 දා* කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles