Divaina - සුනඛ සපා කෑමට ලක්වූ ගාල්ලේ දෙදෙනෙක් ජල භීතිකාවෙන් මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, හිනි`දුම -රවීන්ද්‍ර චන්ද්‍රලාල්
 
 සුනඛ සපා කෑමට ලක්වූ ගාල්ල මාපලගම සොළොස් හැවිරිදි දරුවකු සහ යටලමත්ත ප‍්‍රදේශයේ පනස් දෙහැවිරිදි පුද්ගලයකු ඉකුත් දින තුන තුළ මියගොස් ඇත.
 
 මෙයට මාස එක හමාරකට පමණ පෙර අයාලේ යන බල්ලකු සපා කන ලද මාපලගම ප‍්‍රදේශයේ පාසලක සත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු මුලින් උඩුගම රෝහලට ඇතුළත් කර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
 
 මෙසේ මිය ගොස් ඇත්තේ කහවේ ගුරුගේ ගවේෂ් නෙත්සර නමැති දොළොස් හැවිරිදි දරුවෙකි.
 
 මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ. ආර්. එම්. නාසීම් මහතා විසින් ගාල්ල කරාපිටිය රෝහලේ දී පවත්වනු ලැබිණි. මෙම මරණය සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් සිසුවාගේ මරණයට හේතුව ජලභීතිකාව බවට සැක කරන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
 
 ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් ගාල්ල හදිසි මරණ පරීක්ෂකවරයා මරණයට හේතුව ප‍්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා දරුවාගේ සිරුර ඥාතීන් වෙත භාර දී ඇත.
 
 මෙම සිරුර ප‍්‍රමාදයකින් තොරව මිහිදන් කරන ලෙස ද හදිසි මරණ පරීක්ෂකවරයා දරුවාගේ ඥාතීන්ට නියෝග කොට ඇත.
 
 මේ අතර ගාල්ල යටලමත්ත ඉහලපිට්ටනිය ප‍්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයකු ද සුනඛයකු සපා කෑම හේතුවෙන් පසුගිය 27 වැනිදා මිය ගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු සරත් සමීර නමැති විවාහකයෙකි.
 
 සුනඛ සපා කෑමට ලක්ව පැමිණෙන පුද්ගලයන් සඳහා දවසේ පැය 24 පුරාම ප‍්‍රතිකාර සැලසීමට අවශ්‍ය කටයුතු කරනු ලැබ ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරී සුසන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles