Divaina - නරි මගින් ජලභීතිකාව පැතිරීමේ අවදානමක්... ගෘහස්ථ සුනඛයන් තිස්දහසක් එන්නත් කිරීමේ සූදානමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 විජයසිරි විiාසේකර - කළුතර සමූහ
 
 nariya222ජල භීතිකා රෝගය වැළඳුණු නරි හරහා ගෘහස්ථ සුනඛයන්ට එම රෝගය පැතිර යෑමේ අවදානම සලකා එම අවදානම් කලාපවල වෙසෙන ගෘහස්ථ සුනඛයන් තිස්දහසක් එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ සඳහා එන්නත්කරුවන් 32 දෙනෙකු අලූතෙන් පුහුණුකර ඇතැයි කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi උදය රත්නායක මහතා ඊයේ (29 දා* පැවැසීය.
 
 මෙම වැඩසටහන යටතේ අයාලේ යන සුනඛයන්ද එන්නත් කරන බව ඒ මහතා කීය.
 
 මෙම අවදානම වැඩි වශයෙන් පවතින මිල්ලනිය සහ මදුරාවල යන සෞඛ්‍ය වෛi නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන් එන්නත් කිරීමේ කටයුතු සති දෙකක් ඇතුළත අවසන් කරන බවත් අවදානමට ලක්විය හැකි හොරණ සහ ඉංගිරිය යන සෞඛ්‍ය වෛi නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන් එන්නත් කිරීම ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බවත් ඒ මහතා කීය.
 
 මෙම කටයුතු සඳහා විශේෂ එන්නත් කණ්ඩායම් දෙකක් යොදා ගැනේ.
 
 කළුතර දිස්ති‍්‍රක් ජලභීතිකා මර්දන ඒකකය සතුව සිටිනුයේ සීමිත එන්නත්කරුවන් සංඛ්‍යාවක් බැවින් මෙම කාර්යය සඳහාම එන්නත්කරුවන් 32 ක් අලූතෙන් පුහුණු කර ඇත.
 
 කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi උදය රත්නායක, කළුතර දිස්ති‍්‍රක් වසංගත රෝග විශේෂඥ වෛi ප‍්‍රසාද් ලියනගේ සහ කළුතර ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර ජලභීතිකා මර්දන ඒකකය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. එල්. දර්ශනපි‍්‍රය මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු කි‍්‍රයාත්මක කෙරේ.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles