Divaina - 20 අනුමත කළ පසුත් අගමැතිගේ බලය එසේමයි... ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා... මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ අගමැති පවසයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

අනුර සොලමන්ස්
 
 mahinda135විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පසු අගමැතිවරයාගේ බලය කිසිසේත්ම අඩු නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 
 ඊයේ (29 දා* කොළඹ අරලියගහ මන්දිරයේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවැති මාධ්‍ය සාකච්ඡුාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සුසිල් පේ‍්‍රමජයන්ත, කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ ඩග්ලස් දේවානන්දා යන ඇමැතිවරු මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.
 
 ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් 20 වැනි සංශෝධනය ගැන විවිධ මත දරන නමුත් අවසානයේදී එක මතයකට එළැඹෙන බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
 
 ඒ අතර මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද අගමැතිවරයා කියා සිටියේය. ඉදිරියේදී එය නීති කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු නීතියක් බවට පත් වන බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
 
 දැනට රට තුළ පවත්නා කහ හිඟය සම්බන්ධයෙන් නඟන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සඳහන් කළේ පිටරටින් කහ ගෙන්වීමේ තහනම දිගටම බලපවත්වන බවත් දේශීය කහ ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් එම තහනම පවත්වාගෙන යන බවත්ය. පිටරටින් කහ ගෙන්වා වෙළෙඳපොළේ කහ මිල පහත දැමුවොත් කහ ගොවියා අධෛර්යමත් වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. පිටරටින් නීති විරෝධී ලෙස ගෙන්වා රාජසන්තක කරන ලද කහ තොග වෙළෙඳපොළට නිකුත් නොකර ප‍්‍රතිඅපනයනය කිරීම නොනවත්වන්නේ මන්දැයි නඟන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ එම කහ තොග වෙළෙඳපොළට නිකුත් කළොත් කහ මිල යළි පහළ ගොස් කහ ගොවියන් අධෛර්යමත් වන බවයි.
 
 මෙහිදී පුවත්පත් වාර්තාකරුවන් විසින් නඟන ලද ප‍්‍රශ්න කිහිපයක් සහ අගමැතිවරයා සහ ඇමැතිවරුන් දුන් පිළිතුරු මෙසේය.
 
 ප‍්‍රශ්නය - සංචාරක ව්‍යාපාරය කඩාවැටී තිබෙනවා. ගුවන් තොටුපළ විවෘත කිරීම ගැන රජයේ අදහස කුමක්ද?
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා - සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කර තිබුණත් එය යළි ගොඩ එන්න කලක් යයි. දැනට දේශීය සංචාරකයන්ගෙන් කර්මාන්තයට කිසියම් දායකත්වයක් ලැබෙමින් පවතිනවා. ගුවන් තොටුපළ විවෘත කිරීම ගැනත් අප ඉන්නේ අවධානයෙන්.
 
 ප‍්‍රශ්නය - අලූත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පැත්තෙන් කියනවා.
 
 උදය ගම්මන්පිල මහතා - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු කීර්තිමත් නීතිඥයන් කිහිප දෙනෙක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම ගැන අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. නව ව්‍යවස්ථාව පිළිබඳ අදහස පේ‍්‍රමදාස මහතා ජනාධිපති ලෙස සිටි කාලයේ ඉඳන්ම තිබූ අවශ්‍යතාවක්. ඒ කාලයේ ඒ ගැන කළ අධ්‍යයන අඩංගු පති‍්‍රකා ගැන පවා ඔවුන් අවධානය යොමු කරනවා.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles