Divaina - පරිසර විනාශයන් ගැන අසත්‍ය පුවත් පතුරන අයට නීති පියවර... රජය තීරණය කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ලසිත දුමින්ද
 
parisara135 පරිසර විනාශයන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත.
 
 වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව පෙර නොවූ ආකාරයෙන් පරිසර විනාශයක් සිදු කරමින් සිටින බවට අසත්‍ය ප‍්‍රචාරයන් සමාජගත කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවට මේ වන විට රජය හඳුනාගෙන තිබේ.
 
 රක්‍ෂිත වනාන්තර ගිනිතැබීම, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කැපීම ඇතුළු පරිසර විනාශයන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති බවත්, මින් පෙර මෙවැනි විනාශයන් සිදු නොවූ බව සහ වත්මන් රජය පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිහඬව සිටින බවට ඒත්තු ගන්වමින් ජනතාව නොමඟ යවමින් සිටින බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
 
 විපක්‍ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් මෙම අසත්‍ය තොරතුරු පුවත්පත්වල, සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත සහ විiුත් මාධ්‍ය උපයෝගී කර ගෙන මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරමින් සිටින බවටත් රජයට තොරතුරු ලැබී ඇත.
 
 ජනතාව නොමඟ යවමින් පරිසර විනාශයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය මෙසේ තීරණය කර තිබේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles