Divaina - අභිරහස් ලෙස මියගිය නානුඔය සිසුවියගේ මළ සිරුර ඩෙස්පෝඞ්වලින් හමුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

නුවරඑළිය නාලක රත්නායක - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 
dedgirl222 අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඞ් ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල වැටී තිබියදී ඊයේ (29 දා* සොයාගත් බව නානුඔය පොලිසිය පවසයි.
 
 මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය, දෙමළ විදුහලක අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙස්පෝඞ් වත්තේ පහළ කොටසේ පදිංචි පාසල් සිසුවියක බව පොලිසිය සොයා ගෙන තිබේ.
 
 තම දියණිය පෙරේදා (28 දා* රාත‍්‍රි 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත ඇහැරී බලන විට දියණිය නිවසේ නොසිටි බවත් ඉන් පසුව නිවස ආසන්නයේ සෑම තැනකම සොයා බැලූ බවත් මියගිය දැරියගේ මව පොලිසියට පවසා තිබේ.
 
 තේ දළු නෙළීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ මළසිරුර දැක පසුව පොලිසියට පවසා තිබිණි.
 
 මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇති දැරියගේ මළසිරුර පිළිබඳව නුවරඑළිය මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැුගෙන යෑමට පියවර ගන්නා බව නානුඔය පොලිසිය කියයි.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles