Divaina - ප‍්‍රහාරයක තොරතුර ගැන ලතීෆ් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු සමග සාකච්ඡා කරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්‍ෂි දෙමින් කියයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන  ජනාධිපති කොමිසම

එරික් ගාමිණී ජිනප‍්‍රිය

ප‍්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුර පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ලතීෆ් මහතා ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ රවින්ද්‍රන් නමැති පුද්ගලයා සමග සාකච්ඡුා කර ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (28 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කොමිසම රැස්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ සාක්‍ෂි විමසීම හමුවේ හිටපු පොලිස්පතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

කොමිසම - වවුනියාවේ පොලිස් මුරපළේදී මරාදැමූ පොලිස් නිලධාරීන්ගෙන් එක් අයකු දෙමළ ජාතිකයකු බවත් අනෙක් නිලධාරියා සිංහල අයකු බවත් ඔබ පිළිගන්නවාද?

සාක්‍ෂිකරු - පිළිගන්නවා.

කොමිසම - සිංහල පොලිස් නිලධාරියා ඝාතනය කර තිබෙන්නේ තියුණු ආයුධයකින් සිදුකරන ලද කැපුම් තුවාල දෙකක් හේතුවෙන් නේද?

සාක්‍ෂිකරු - පැහැදිලියි. එල්. ටී. ටී. ඊ. සංවිධානය අවි ආයුධවලින් කපල කොටල ඝාතන සිදුකිරීම් කළ බව මතකයි.

කොමිසම - අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමට හේතු මොනවාද?

සාක්‍ෂිකරු - එක් හේතුවක් තමයි අදාළ පුද්ගලයා තමන් පදිංචි වී සිටින ස්ථානය මාරු කිරීම. තවත් සමහර අවස්ථාවලදී පොලිසියට අත්අඩංගුවටගන්න බැරි වෙන ලෙස ඔහුව සඟවාගෙන ඉන්න පුළුවන්.

කොමිසම - අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් යන එන තැන් රැුඳී සිටින ස්ථාන ඔබට වාර්තා කළා නම් එය ක‍්‍රියාත්මක කිරීමට බැරිද?

සාක්‍ෂිකරු - එය ක‍්‍රියාත්මක කිරීම පොලිස්පතිගේ පෞද්ගලික යටයුත්තක් නොවෙයි. පොලිසියේ සියලූ කටයුතුවලට වගකිව යුත්තේ පොලිස්පතිවරයායි.

මේ පිළිබඳ කටයුතු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා. එයින් අදහස් වන්නේ නැහැ ප‍්‍රාදේශීය පොලිසියට වගකීමක් නැහැ කියන එක. පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සියලූ පොලිසිවල අය කටයුතු කළ යුතුයි.

කොමිසම - අත්අඩංගුවට ගත යුතු අය යන එන තැන් සඳහන් කර තිබියදීත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගත්තේ නැති නම් ප‍්‍රශ්නය තිබෙන්නේ කොහේද?

සාක්‍ෂිකරු - අත්අඩංගුවට ගත යුතු අය සිටින ස්ථාන, ස්ථිර කරගෙන තිබියදී ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැති නම් එය බරපතළ තත්ත්වයක්. එහෙම කටයුතු සිද්ධ වෙනවා නම් ඔවුන් භාරව සිටින අය ඊට පිළියම් යෙදිය යුතුයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීනුත් එය දැනුම් දී තිබියදී සිද්ධ වෙන්නේ නැතිනම් පෞද්ගලිකව මට දැනුම් දෙන්නත් පුළුවන්.

කොමිසම - 2017 වර්ෂයේ කාත්තන්කුඩියේ අලියාර් හන්දියේ ඇතිවූ ගැටුමින් පසු ආමි මොහිදීන් පලා ගියා. වරෙන්තුවක් තිබියදී ඔහුව තොරතුරුකරුවකු ලෙස තබා ගැනීම නිවැරදිද?

සාක්‍ෂිකරු - ව්‍යාකූල තත්ත්වයක්. ඔහුව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතුයි. නීතිමය කටයුතුවලින් පසුව එසේ කිරීමේ වරදක් නැහැ. එසේ නොමැතිව වරෙන්තුකරුවකු තොරතුරුකරු කර ගැනීම ප‍්‍රශ්නයක්.

කොමිසම - පාස්කු ප‍්‍රහාරයට පෙර ආමි මොහිදීන් සැඟවී සිටින ස්ථාන දැනුම් දී තිබෙනවා.

සාක්‍ෂිකරු - ඊළඟ මට්ටම්වලින් ගත යුතු පියවර ගන්න ඕනි.

කොමිසම - ඒ පිළිබඳව ඔබට දැනුම් දුන්නාද?

සාක්‍ෂිකරු - මට දැනුම් දිය යුතුයි. නමුත් ඊට පෙර අවස්ථාවලදී එම ප‍්‍රශ්නය විසඳාගත යුතුයි.

කොමිසම - ඔබට දැනුම්දීමේ වගකීම තිබෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයට ද? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද?

සාක්‍ෂිකරු - දෙකටම වගකීම තිබෙනවා.

කොමිසම - පොලිසියේ නිලධාරීන් ආමි මොහිදීන් හමුවෙලා ඔහුත් සමග කතා කරලත් ඇවිත් තිබෙනවා. එදින ඔහුව අත්අඩංගුවට ගත්තා නම් සහරාන් සහ අනෙකුත් අය ගැන තොරතුරු

දැනගන්න තිබුණා නේද?

සාක්‍ෂිකරු - ඔහු එදා අත්අඩංගුවට ගත්තා නම් බොහෝ කරුණු හෙළිදරව් කරගන්න තිබුණා.

කොමිසම - එහි වගකීම තිබෙන්නේ කාටද?

සාක්‍ෂිකරු - ඔහු අත්අඩංගුවට නොගැනීම ගැන රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යන දෙකම වගකිව යුතුයි. යම් කටයුත්තක් අවසන් වන තුරු පොලිස් නිලධාරියකුගේ වගකීම අවසන් වන්නේ නැහැ.

කොමිසම - ඒ පිළිබඳව ඔබට දැනුම් දුන්නා නම් ඔබ ගන්න පියවර කුමක්ද?

සාක්‍ෂිකරු - වහාම අත්අඩංගුවට

ගන්නවා. එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට සිද්ධ වෙනවා.

කොමිසම - සුළු වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකු සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු නොකර ඔහුව බරපතළ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගත් අවස්ථා තිබෙනවාද?

සාක්‍ෂිකරු - සද්භාවයෙන් එසේ කටයුතු කළ අවස්ථා තිබෙනවා.

කොමිසම - පොලිස්පතිට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැමිණිලි කිරීම බිහිරි අලින්ට වීණා වාදනය කිරීමක් වගේ නේද?

සාක්‍ෂිකරු - එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා.

කොමිසම - 2019 අපේ‍්‍රල් 09 වැනි දින ඔබට ලැබුණු ලිපියට මොකද කළේ?

සාක්‍ෂිකරු - එම ලිපියේ සඳහන් තොරතුර දැනුම් දෙන්නත් ඕනි. නමුත් ප‍්‍රසිද්ධ කරන්න බැහැ. ඒ පිළිබඳව මම කොළඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප‍්‍රභූ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා. තානාපති සේවය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බළකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දුන්නා.

කොමිසම - ඔබ එම ලිපිවල එෆ්. එන්. ඒ. :ත්‍භ්) (අවශ්‍ය පියවර සඳහා) යනුවෙන් සඳහන් කළා. එම ලිපි ලැබුණු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පරචිත්ත විජානන ඥානය නැහැනේ. ඔවුන් කොහොමද ගතයුතු පියවර දන්නේ?

සාක්‍ෂිකරු - ඔවුන් පොලිස්පතිවරයා ළඟම ඉන්න නිලධාරීන්. ඔවුන්ට අවශ්‍ය පළපුරුද්ද සහ දැනුම තිබෙනවා. එම ලිපියට එෆ්. එන්. ඒ කියල යෙදුවම ඔවුන්ට කටයුතු කරන්න ලොකු පරාසයක් තිබෙනවා.

විශේෂයෙන්ම විදේශයකින් ලැබුණු මෙම නිශ්චිත තොරතුර බොහොම බරපතළ තත්ත්වයක තිබෙනවා. එම ලිපිය මම යොමු කළේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ සඳහා ගන්නා පියවර වාර්තා කිරීම ඔවුන්ගේ වගකීම.

කොමිසම - ඔබ සඳහන් කරන ආකාරයට ලිපියකට එෆ්. එන්. ඒ. කියල යොදන්න පුළුවන් පුද්ගලයකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ප‍්‍රමාණවත් නේද?

සාක්‍ෂිකරු - නන්දන මුණසිංහ බස්නාහිර පළාතට පත් කළේ එහි ඇති වැදගත්කම සලකා තමයි...

කොමිසම - එම ලිපියේ ඔබ ගත යුතු

ක‍්‍රියාමාර්ගයක් සඳහන් කළේ නැහැ නේද?

සාක්‍ෂිකරු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දන්නවා. රාජ්‍ය ප‍්‍රතිපත්ති, ආරක්‍ෂක කටයුතුවල ලිහිල් බව, දේශපාලනය, පීඩනය යන තත්ත්වය තුළ තමයි මම එහෙම කළේ.

පළාත්වල අයට යොමු කළා නම් තාක්‍ෂණය යොදාගන්න වෙනවා. මෙම ලිපිය සමාජ මාධ්‍යට ගියේ විශේෂ ආරක්‍ෂක දිසාවෙන් තමයි. මහජන කැළඹීමක් ඇතිවිය හැකි නිසා එම චෝදනාවෙන් මඟහරින්න තමයි එම පළාත්වලට ඒ විදියට දැනුම් නුදුන්නේ.

කොමිසම - නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම තොරතුර දැනුම් නොදුන්නේ ඇයි?

සාක්‍ෂිකරු - සියෝන් දේවස්ථානයට පහර දුන්නු නිසා තමයි ඇයි නැගෙනහිරට දැනුම් දුන්නේ නැත්තේ කියලා අහන්නේ. උතුරු ප‍්‍රදේශයේ යම් ස්ථානයකට පහර දුන්නා නම් ඇයි උතුරට දැනුම් නොදුන්නේ කියලා අහාවි.

කොමිසම - මෙම ලිපිය පිළිබඳව විශේෂ කාර්ය බළකාය දැනුවත් කළාද?

සාක්‍ෂිකරු - මෙම ලිපිය ලැබෙනකොට ලතීෆ් මහතා ලංකාවේ සිටියේ නැහැ. නමුත් රෝමින් තිබුණා. එස්. ටී. එෆ්. අණදෙන මැදිරියට දැනුම් දුන්නා.

කොමිසම - විශේෂ කාර්ය බළකායෙන් වාර්තාවක් කැඳවූවාද?

සාක්‍ෂිකරු - එම බලකායෙන් එවපු වාර්තාවේ සඳහන් වෙනවා විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය, සියලූ කඳවුරු, ප‍්‍රභූ ආරක්‍ෂක අංශ සහ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආරක්‍ෂක අංශ භාර අය දැනුවත් කරන ලද බව. ලතීෆ්ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග තිබූ සම්බන්ධය ගැන මම දන්නවා. එම කොමසාරිස් කාර්යාලයේ රවින්ද්‍රන් සමග සාකච්ඡුා කර උපදෙස් දෙන ලද බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

කොමිසම - ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කවදාද දැනුම් දී තිබෙන්නේ.

සාක්‍ෂිකරු - 10 වැනිදා සිට අමතර යෙදවීමක් කළ බව සඳහන් වෙනවා.

කොමිසම - යහපාලනය නිසා උපදෙස් දෙන්න මැලිකමක් දැක්වූවාද?

සාක්‍ෂිකරු - සුළු ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමයි උපදෙස් ලැබුණේ. නමුත් මූලික වගකීම මගේ බව පිළිගන්නවා.

කොමිසම - ලතීෆ් හොඳින් කටයුතු කළාද?

සාක්‍ෂිකරු - ලතීෆ් සැරපරුෂයි. නමුත් හොඳින් කටයුතු කළා. මම ඔහු බෞද්ධ ද ඉස්ලාම් ද කියලා බැලූවේ නැහැ.

කොමිසම - ඔබත් සැරපරුෂයි නේද?

සාක්‍ෂිකරු - මට මම ගැන කතා කරන්න බැහැ නේ.

කොමිසම - 2019 අපේ‍්‍රල් 09 වැනිදා ලිපිය ලැබුණාම තවත් අය සමග සාකච්ඡුා කරන්න තිබුණා නේද?

සාක්‍ෂිකරු - මෙම රාජ්‍ය බුද්ධි සේවයේ නියෝගය දකිද්දි මට එකපාරටම මතක් වුණේ මෙම කාරණය ගැන නේද එදා බුද්ධි රැුස්වීමේදී ඇසුවේ කියන එක. එදා මේක ගන්නද කියලා ඇසුවා. මේ ගැන සම්පූර්ණ එකක් එවනවා කියලා නිලන්ත කිව්වා. එම මතකයන් සමග මම හිතුවා මේක තමයි නිශ්චිතතාවට ආ තොරතුර කියලා.

එම ලිපියේ සඳහන් වෙනවා රාජ්‍ය බුද්ධි සේවය එම තොරතුර නිරීක්‍ෂණය කර නැති බව. 2016 සිට ඉස්ලාම් අන්තවාදීන් අභිපේ‍්‍රරණය විය හැකි බව වාර්තා කළා. ඒ පිළිබඳවම තමයි අපේ‍්‍රල් 09 වැනිදා වාර්තාවෙත් තිබෙන්නේ.

කොමිසම - ඔබට දැන් හිතෙන්නේ නැද්ද එදා තවදුරටත් අධ්‍යයනය කරලා නියෝගයක් කළා නම් හොඳයි කියලා.

සාක්‍ෂිකරු - දැන් ලොකු අත්දැකීමක් ලැබිලා අවසන්. නමුත් දැන් එකඟ වෙනවා එදා ජ්‍යෙෂ්ඨ අයත් සමග කතා කළා නම් හොඳයි කියලා. නමුත් එදා වනවිට ත‍්‍රස්තවාදයක් පිළිබඳව සඳහන් වි තිබුණේ නැහැ. සඳහන් වී තිබුණේ දේශන ගැන පමණයි.

කොමිසම - ඔබට විශේෂ කාර්ය බළකාය ගැන විශ්වාසයක් තිබුණාද?

සාක්‍ෂිකරු - පොලිසියට නැති විශේෂ පණිවුඩ ක‍්‍රමයක් එම බළකායට තිබෙනවා. එය රහසිගතයි.

කොමිසම - 2019 අපේ‍්‍රල් 09 වැනිදා ලිපිය ඔබට ලැබුණේ කීයට පමණද?

සාක්‍ෂිකරු - සවස 3 ට 4 ට පමණ.

කොමිසම - විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියා වූ ලතීෆ් මහතාට දැනුම් දුන්නේ කීයටද?

සාක්‍ෂිකරු - මෙම ලිපිය යොමු කළාට පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කතා කළා. ලතීෆ් කියනවා නම් නැහැ කියලා. ඒක ඔහුගේ උත්තරය.

කොමිසම - ලතීෆ් මහතාට උපදෙස් දුන්නාද? අවශ්‍ය පියවර ගන්න කියලා කිව්වාද?

සාක්‍ෂිකරු - එහෙමයි.

කොමිසම - ඔබට පෙන්වූ සී - 4 සී ලේඛනයේ සහරාන් ගැන සඳහන් වෙනවා නේද? සහරාන් සහ සහීඞ් යන අය මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමෙන් පසු අක්කරේපත්තුවේ ඔලූවිල්වල සැඟවී සිටින බවට අවබෝධයක් එනවා නේද?

සාක්‍ෂිකරු - ඒ වෙලාවේ ආවාද කියන්න බැහැ.

කොමිසම - පොලිස්පතිවරයකු ලෙස එය අවබෝධ විය යුතුයි නේද?

සාක්‍ෂිකරු - මම එය පිළිගන්නවා.

කොමිසම - ලැබුණු තොරතුර බරපතළ බව හැඟුණා නම් එෆ්. එන්. ඒ. කියලා යෙදීම ප‍්‍රමාණවත්ද?

සාක්‍ෂිකරු - එම තොරතුර පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය වගකීමක් අරගෙන නැහැ. පරීක්‍ෂණ කටයුතු කරනවා කියලා තමයි තිබුණේ.

කොමිසම - අන්තවාදී දේශන කරන අය ගැන දැනුම් දීම බරපතළ තත්ත්වයක් නොවෙයිද?

සාක්‍ෂිකරු - එහෙම තමයි. නමුත් එබඳු දේශන කරන අය තවත් සිටියා.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles