Divaina - වෛරසය පැතිරීම පාලනය නොකළොත් ලොව පුරා කොරෝනා මරණ ලක්‍ෂ 20

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- ඉක්මවීම වැළැක්වීමට බැරි වෙයි-ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

- කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනුණද, රටවල් විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවර නොගතහොත් ලොව පුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉදිරියේදී විසි ලක්ෂය ඉක්මවා යෑම වැළැක්විය නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සිකුරාදා (25දා) අනතුරු ඇඟවීය.

ලොව පුරා රටවලින් ගත වූ නව මාසයක කාලය තුළදී කොරෝනා ආසාදිත මරණ දස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර ඉදිරියේදී කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා යෑම අපට සිතා ගත හැකි තත්ත්වයක් නොවුණද එය සිදු විය හැක්කක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ආපදා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ප‍්‍රකාශ කර තිබේ.

මේ අනුව ඉදිරි මාස නවයක කාලයේ අප විසින් කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමේ අභියෝගයට මුහුණ පා සිටින බව පෙන්වා දී ඇති වෛද්‍ය රයන් එහෙත් දැනට අප ඉදිරියේ පවතින ගැටලූව වනුයේ ගෝලීය කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව විසි ලක්ෂය කරා ළඟා වීම වැළැක්වීම සඳහා රටවල් විසින් සාමුහිකව අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටිනවාද යන්න පිළිබඳව බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලෝක නායකයන් විසින් කොරෝනා ආසාදිතයන්ගේ ජීවිත බේරා  ගැනීමේ ක‍්‍රියාමාර්ග සාර්ථක අයුරින් ක‍්‍රියාත්මක නොකර එකිනෙකා විසින් කොරෝනා මැඬලීමේ ක‍්‍රියාමාර්ගයන්ට දක්වන සහයෝගය වර්ධනය නොකළහොත් කොරෝනා වෛරස් මර්දන එන්නතක් ලොව පුරා භාවිත කිරීමට පෙරම ගෝලීය කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා යනු ඇති බව හෙතෙම අවධාරණය කර තිබේ.

ඒමන්ති මාරඹේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles