Divaina - නිශාන්ත ගෙන්වන්න සාකච්ඡා අරඹයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටට භාරදෙන ලෙස ඉල්ලමින් රජය ස්විස් බලධාරීන් සමඟ සාකච්ඡුා ආරම්භ කරන බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග ඊයේ (28දා) පැවැසීය.

ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති පිටුවහල් කිරීමේ ගිවිසුම යටතේ මෙම ඉල්ලීම කෙරේ.

හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට බරපතළ අපරාධ චෝදනා එල්ලවී ඇති බව රජය ස්විස් බලධාරීන්ට සාක්‍ෂි සහිතව පෙන්නුම් කරන බව එම ආරංචි මාර්ග පැවැසීය.

ඔහු ස්විට්සර්ලන්තයට පැනගියේ වැඩබලන පොලිස්පති අවසරයකින් තොරව බවද රජය ස්විස් බලධාරීන් වෙත කියා සිටින බවද එම ආරංචි මාර්ග හෙළිකළේය.

මේ වනවිට මෙරට අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තුවක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles