Divaina - රට පුරාම නිවාස, කඩ සාප්පු බින්ද ‘චූන් කුරුල්ලා’ අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දිවයිනේ ප‍්‍රදේශ රැසක නිවෙස් සහ වෙළෙදසල් කොල්ල කෑම ඇතුළු අපරාධ රැුසක් සිදුකළ බව කියන සැකකරුවකු හලාවත පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

‘චූන් කුරුල්ලා’ යන අනුවර්ථ නාමයෙන් හැඳින්වෙන 35 හැවිරිදි වියේ පසුවන සැකකරු කුඹුක්ගැටේ පන්සියගම පදිංචිකරුවෙකි.

හෙතෙම හලාවත පොලිස් කොට්ඨාසය තුළ නිවෙස් සහ වෙළෙ`දසල් 22 ක් කොල්ලකා තිබෙන බවත්, කුරුණෑගල නාරම්මල, කුලියාපිටිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කොල්ලකෑම් සියයකට අධික සංඛාවක් සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

හලාවත ප‍්‍රදේශයේ නිවෙස් තුළට හොර රහසේ ඇතුළු වී කොල්ලකෑම් සිදුකරන බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුණු අතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධව ආරක්ෂිත කැමරා පද්ධති ඔස්සේ ලබාගත් දර්ශන නිරීක්ෂණය කරමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ (28 දා) සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

හලාවත මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ශක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත.

අමරනන්ද විජේසේකර - මහවැව

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles