Divaina - නාකොටික්ලා ළඟ තිබුණේ පන්දහසේ හොර නෝට්ටු 32 ක් - මහ බැංකුව සනාථ කර ඇතැයි සීසීඞීය උසාවියට දන්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් 5,000 නෝට්ටු 32 ව්‍යාජ නෝට්ටු බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සනාථ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (28 දා) දැනුම් දුන්නේය.

මුදල් විශුද්ධිකරණය යටතේ ගොනු කර ඇති මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු වන ලයනල් ජයවර්ධන නමැත්තාට රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප 2 ක් නියම කළේය.

එමෙන්ම මුදල් විශුද්ධිකරණය යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළව ව්‍යාජ මුදල් නෝට්ටු 31 සන්තකයේ තබාගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු වන වන්නිආරච්චිගේ ලක්‍ෂාන් සමීර වන්නිආරච්චි නමැත්තා ලබන 12 වනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

කශුනි රෙබෙකා
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles