Divaina - ‘ටෙනී’ සමුගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3ප‍්‍රවීණ කලා ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඊයේ (28දා) අභාවප‍්‍රාප්ත විය.

කලක් රෝගාතුරව පසු වූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට 68 වැනි වියේ පසුවිය.

සිනමාවේ සහ වේදිකාවේ හාස්‍ය රංගනවේදියකු ලෙස ඉමහත් ජන ප‍්‍රසාදයක් හිමිකර ගත් ඒ මහතා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු, නිෂ්පාදකවරයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු ලෙසද මෙරට කලාවට දායකත්වය දැක්වීය.

1952 මොරටුවේදී උපත ලද ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතෝදිස්ත පාසලින් උසස් අධ්‍යාපනය ලැබීය. හෙතෙම 1984 වසරේදී සිනමා තිර පිටපත් රචනය සඳහා චිත‍්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප‍්‍රියසාද් සමඟ එක්වෙමින් ඔහුගේ වෘත්තීය කලා ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප‍්‍රහසන රංගන ශිල්පියකු ලෙස වඩාත් ජනාදරයට පාත‍්‍ර විය.

1986 වසරේදී ‘පෙරළිකාරයෝ’ චිත‍්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා නොම්බර එකයි, ඔබටයි පි‍්‍රයේ ආදරේ, චණ්ඩින්ගෙත් චණ්ඩියා, සම්බුදු මහිම, හොඳින් නැත්නම් නරකින්, ඇසළ සඳ, හොඳ හොඳ සෙල්ලම්, සිංහ රජා, අලිබබා සහ හොරු හතළිහ, මල්සර දෝණි, කම් ඕ ගෝ චිකාගෝ, චෙරියෝ කැප්ටන්, ? ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් ඇතුඵ චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක දී සිය රංගනයන් ඉදිරිපත් කළේය.

සම්මාන රැුසකින් පිදුම් ලැබූ ඒ මහතා ‘අකීකරු පුත‍්‍රයා’ චිත‍්‍රපටය ඇතුඵ චිත‍්‍රපට කිහිපයක් ද නිෂ්පාදනය කළේය. අපායේ තත්පර 1800, කුරුල්ලා, අයි ඈම් ශී‍්‍ර ලංකා ඇතුළු වේදිකා නාට්‍ය රැුසක් ද අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු කළේය.

මල්සිරි එරංජනී මහත්මිය ඒ මහතාගේ බිරිඳ වූ අතර මදු මිහිරි ඔවුනගේ එකම දියණියයි.

අභාවප‍්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය නො 79/1 නිව්ටන් සිල්වා මාවත, විල්ලෝරා වත්ත, මොරටුව දරන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඔක්. 01 අඟහරුවාදා මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව්මැඳුරේ සුසාන භූමියේදී සවස 3.30 ට සිදු කෙරේ.

සුජීව තත්සර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles