Divaina - නාකොටික් ගේම කුඩු ජාවාරමා ළඟ ගිනිඅවි 5ක් ඒ අතර යුද හමුදාවට අයත් පිස්තෝලයක්- නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 4පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අලූත්ගම ¥වගේ මංජුල නමැත්තා භාරයේ තිබූ ටී - 56 ගිනි අවි දෙකක් හා පිස්තෝල තුනක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (28 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතාට දැනුම් දුන්නේය. 04 - පිිටුවට

එකී ගිනි අවි අතරින් එක් පිස්තෝලයක් 1996 වසරේදී යාපනය ආරක්‍ෂක බලසේනා මූලස්ථානයට නිකුත් කර තිබූ ගිනි අවියක් ලෙස හඳුනාගෙන ඇති බවත් පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යුද හමුදාවට නිකුත් කර තිබූ ගිනි අවියක් හෙරොයින් ජාවාරම්කරුවන් අතට පත්වීම ඉතාමත් බරපතළ තත්ත්වයක් වන බැවින් එකී ගිනි අවිය කුමන නිලධාරියා වෙත නිකුත් කර තිබුණේදැයි අනාවරණය කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද කියා සිටියේය.

අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිම ආකාරයකින් සම්බන්ධ නොමැති බවත් එකී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ මේ වන විට රැුඳවුම් භාරයේ පසුවන පොලිස් නිලධාරීන් බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේය.

මෙම සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ද එකී මත්ද්‍රව්‍ය ජාවාරමට රැුඳවුම් භාරයේ සිටින සැකකරුවන්ට විවිධ ආකාරයෙන් සහාය ලබාදී ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles