Divaina - රු.70 ට පොල් අලෙවි නොකරන වෙළෙඳුන් වැටලීම අද සිට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70 ක් ලෙස නියම කරමින් පාරිභෝගික අධිකාරිය ඉකුත් 25 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පොල් අලෙවි නොකරන වෙළෙඳුන් වැටලීමේ මෙහෙයුම් අද (28 දා* සිට සිදුකිරීමට එම අධිකාරිය තීරණය කර ඇත.
 
 පොල් අලෙවිය සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව වට ප‍්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70 කි.
 
 වට ප‍්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියක් රුපියල් 65 ටත් වට ප‍්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 ටත් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
 
 මෙම මිල ගණන් වලට අනුව පොල් අලෙවි කිරීම සොයාබැලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පොල් වට ප‍්‍රමාණය මනින උපකරණ සමඟ වෙළෙඳපොළ පරීක්‍ෂණ කටයුතුවල යෙදීමට කටයුතු කරනු ලැබේ.
 
 මේ සම්බන්ධව අදහස් දක්වමින් එම අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසුවේ පොල් ගෙඩිවල වට ප‍්‍රමාණය මැනීම ජනතාව ප‍්‍රායෝගිකව සිදුකළ යුතු නැති බවත් ලොකු පොල් ගෙඩියක් රුපියල් 70 ට වඩා වැඩි මිලකට මිලදී නොගන්නා ලෙසත්ය.
 
 පොල් වැඩි මිලට අලෙවි කරන්නේ නම් ඒ ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස පවසන ඒ මහතා ඒ අනුව අදාළ වෙළෙඳසල්හි වැටලීම් සිදුකර වැඩි මිලට පොල් අලෙවි කිරීමට එරෙහිව පියවර ගත හැකි බවය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles