Divaina - කොළඹ වරායට පැමිණි නැවක කාර්ය මණ්ඩලයේ 17කට කොරෝනා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- නැවට ඇතුළු වූ මෙරට නිලධාරීන් හා  පවුල්වල අය නිරෝධායනයට

- කොළඹ වරායට පැමිණ ත‍්‍රිකුණාමලය වරාය වෙත ගමන් ගනිමින් තිබූ තෙල් නැවක කාර්ය මණ්ඩලයේ දාහත්දෙනකුට කොවිඞ්-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසු එම නැවට කොළඹ වරායේදී රාජකාරි සඳහා ඇතුළු වූ ශ‍්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නිරෝධානයට යොමුකළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නැවේ කාර්ය මණ්ඩලය කොවිඞ් - 19 පළමු පරීක්ෂණයට යොමුකළ අවස්ථාවේ ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබෙන බවත් අදාළ නැවට කොළඹ වරායේදී ඇතුළු වූ ශ‍්‍රී ලාංකිකයන් පස් දෙනකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සබඳතා පවත්වා තිබෙන බැවින් ඒ අය නිරෝධායනයට යොමුකළ බවත් හමුදාපතිවරයා කීවේය.

නාවික පයිලට්වරු දෙදෙනකු, වෛද්‍යවරයෙකු ඇතුළු පස් දෙනකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙලෙස නිරෝධායනයට යොමු කළ බවද හෙතෙම පැවසුවේය.

සමන් ගමගේ, සමන්තී වීරසේකර

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles